මුන්ට කුණු පණුවන් නොගසාවි දැයි වැටහෙන්නේ නැත. ජීවිතය යදින පිළිකා රෝගියෙකුට පිළිකා නාශක ප්‍රෝටීන වෙනුවට ලුණු වතුර විකිණිය හැකිනම්, ප්‍රතිදේහ ඖෂධයක් වෙනුවට මාරාන්තික බැක්ටීරියා සහිත ජලය ඖෂධ ලෙස විකිණිය හැකිනම් මුන් මනුෂ්‍යයන් වන්ට බැරි කාලකන්ණි පිශාචයින් බව කිව යුතුව ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල විෂය භාර කැබිනට් ඇමතිවරයා වශයෙන් හදිසි මිලදී ගැනීමක් සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගෙන ජනතා මුදල් ලක්ෂ එක්දාස් හාරසීය හතලිස් හතරක මුදලක් වියදම් කර ගෙනත් තිබුණේ මොනවාදැයි අද අධිකරණයේ දී හෙළිදරවු වුනේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකට යවා ප්‍රශ්නගත ඖෂධවල විශ්ලේෂණ වාර්තාවක් අද අධිකරණ ඉදිරියේ ගෙනහැර දැක්වූයේ මුළු රටම තිගස්වමිනි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට චෝදනා එල්ල වී ඇති හියුමන් ඉමියුනොග්ලොබියුලීන් නැමැති ප්‍රතිදේහ ඖෂධ තොගය තුළ මිනිස් ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා ජලය තිබු බව එම වාර්තාව සනාථ කළේය.
එමෙන්ම එම රසායනාගාරයෙන් කළ පරීක්ෂණයේ වාර්තාවට අනුව පිළිකා රෝගීන්ට දෙන පිළිකා නාශක ඖෂධයක් වූ රිටොප්සිමැප් ඖෂධයේ ලුණු වතුරත් පමණක් අඩංගු බවට තහවුරු වී තිබුණේය.
මේ ඖෂධ නිශ්පාදනය කිරීමට යැයි ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ආනයනය කර තිබිණි. තිගස්වන කාරණාව වන්නේ එම අමුද්‍රව්‍යවල රේගු අංකය පරීක්ෂා කළ විට එම අංකය හරහා ගෙන්වන්නේ රසායනික උපත් පාලන බව අනාවරණය විය.
ඖෂධවලට අදාලව සිදුකළ මේ ජාත්‍යාන්තර පරීක්ෂණයේ ප්‍රතිඵල නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ඉදිරියේ අද අධිකරණයට දුන්නාය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම උසාවිය ඉදිරියේ කළ හෙළිදරව්ව මෙසේය.
නියෝජ්‍ය සොලිසිටර්වරිය – “පළමු සැකකාරු බාල ඖෂධ සැපයූ සමාගමේ හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු යන අය විසින් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමට ලබා දී තිබෙන ඖෂධ කිසිදු ඖෂධමය ගුණාත්මක භාවයකින් තොර ද්‍රාවණ බවට විශේලේෂණ වාර්තාවලින් දක්වා තිබෙනවා ස්වාමීනී.”
“ඒ වගේම ස්වාමීනී, ප්‍රතිදේහ එන්නතක්වන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර විෂ සහිත මාරාන්තික බැක්ටීරියා වතුරත්, පිළිකා නාශක ඖෂධයක්වන රාටොප්සිමැප් ඖෂධයේ පිළිකා නැසීමට හැකි ප්‍රෝටීන් සංඝටක ඇතුළත් නැති බවත්, ඒවායෙහි සොඩියම් ක්ලෝරයිඩ්… ඒ කියන්නේ ලුණු වතුර පමණක් අඩංගු බවත් පැහැදිලිවම වාර්තා කර තිබෙනවා. ”
” ස්වාමීනි… අටවන සැකකාර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ කැබිනට් පත්‍රිකාව මත පදනම්ව ශ්‍රී ලංකා රජයේ රුපියල් ලක්ෂ එක්දාස් හාරසීය හතලිස් හතරක මුදලක් වැය කර ජනතාවට ඖෂධ ලෙස අහිතකර මාරාන්තික බැක්ටීරියා වතුරත් නිකන්ම නිකම් ලුණු වතුරත් ගේන්න වියදම් කරලා තියනවා.” නියෝජ්‍ය සොලිසටර් ජෙනරාල්වරිය කීවාය.
මහේස්ත්‍රාත්වරිය – පළමු සැකකරු මෙම ඖෂධ නිශ්පාදනයට ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ආනයනය කරලා තිබේ ද?
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය – පළමු සැකකරු විසින් ඖෂධ නිශ්පාදනය සඳහා ආනයනය කරන ලද අමුද්‍රව්‍ය සියල්ල මොනවාදැයි රේගු වර්ගීකරණ අංකය යටතේ එම දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පරික්ෂා කළා.
ස්වාමීනී… අධිකරණයේ හෘද සාක්ෂික කම්පාවෙන සුළු දෙයක් දැන් ඔබතුමියට කියන්නේ. මේ පළමු සැකකරු විසින් ඖෂධ නිශ්පාදනයට ගෙන්වන ලද අමුද්‍රව්‍ය රේගු අමුද්‍රව්‍ය ආනයන වර්ගීකරණය අනුව 3006.60.00 යන වර්ගීකරණ අංකයෙන් ගෙන්වා තිබෙනවා. ඒ වර්ගීකරණ අංකය යටතේ ආනයන කරන ඖෂධ මොනවාද කියා විමර්ශන නිලධාරීන් පරීක්ෂාවට ලක් කළා.
රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ වර්ගීකරණය අංකය යටතේ ආනයනය කරනුයේ රසායනික උපත් පාලන වර්ග බව කියා තිබෙනවා. ස්වාමීනි. මේ සැකකරුවන් හිතාමතාම මේ සාපරාධි අපරාධයක් කරන්න දායක වෙලා තියනවා.
මෙම ඖෂධ තොගය හදිසි මිලදි ගැනීම් ලෙස ලබාගෙන තිබුණේ කැබිනට් පත්‍රිකාවකට ලබා ගත් කැබිනට් අනුමැතියක් මගින්. ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ද ප්‍රකාශයක් ලබා තිබිණි. අදාල කැබිනට් පත්‍රිකාව පිළිබඳ පූර්ණ වගකීම හිටපු විෂය භාර අමාත්‍යවරයා විසින් දැරිය යුතු බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.
පළමු සැකකරු හා සෙසු සැකරුවන් අතර සිදුවූ දුරකථන සංවාද පිලිබඳ වාර්තාවක් විමර්ශන අංශ විසින් සකස් කර ඇති බවත්, එමගින්ද ඔවුන් අතර ඇති සබඳතාව පැහැදිලිවන බවත්, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය.
බාල ඖෂධ ගනුදෙනුවට අදාලව මේ වනවිට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නාය.
නඩුව ජූනි 16 වැනිදා යළි කැඳවීමට නියමිතය.
අප දන්නේ එක දෙයකි. කෙහෙළිය උඹට දිට්ඨදම්මවේදනීය වශයෙන් මේ නින්දිත අපරාධයට අපේ ඇස් ඉදිරියේ විඳවන්නට සිදුවන්නේය. මිනිසෙකුට කරන්නට තබා හිතන්නටවත් නොහැකි මේ තුප්පහිකම්වලට වන්දිය පවුල් පිටින් හැඳිගෑවෙමින් මේ වනවිට විඳවන ආකාරය ලෝකය දකින්නේය. මේ ආකාරයේ පාදඩයින්ට කළ පවු පළ දෙන ආකාරය දැක ගන්නට අවශ්‍ය නම් ජාතක කතා බණ කතා නොසොයා කෙහෙළියට වෙන දේ ගැන බැලුවොත් ප්‍රමාණවත්ය.
-lankasara