gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝප් කමිටුවේ බෝල් වෙන නිලධාරීන් දැක නාමල් ෆෝම් වෙයි!

ඊයේ (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසූවේ බහුතරයක්ම මාධ්‍ය සංදර්ශන තිබෙන්නේ කෝප් කමිටුවේ බවයි.

කෝප් කමිටුව රියැලටි ෂෝ එකක් පමණක් බවත් ඊට තීන්දු ගන්න බලයක් නැති බවත් ඔහු සඳහන් කළේය.

එය වත්මන් ආණ්ඩුවේ කෝප් කමිටුවේ පමණක් නොව, ඉතිහාසයේ සිටම ඒ ආකාරයෙන් කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව එහිදී රාජ්‍ය නිලධාරීන් ගෙනැවිත්, එකම ප්‍රශ්නය දෙතුන් වතාවක් විමසන බවට පැවසූ නාමල් රාජපක්ෂ මහතා නිලධාරීන් අපහසුතාවයට පත්කර මාධ්‍ය ඉදිරියේ ලැජ්ජාවට පත්කරන බව සඳහන් කළේය.

එමෙන්ම පරීක්ෂණයක් සිදු කිරීම ගැටලුවක් නොවුනද, පරීක්ෂණ සිදුකරන මුවාවෙන් යම් නිලධාරියෙක් අපහසුතාවට පත් කිරීමට අවශ්‍ය නම් හෝ එම නිලධාරීන් අපහසුතාවයට පත්කර තමන්ගේ දේශපාලන වුවමනාව ඉටු කර ගැනීමට රාජ්‍ය නිලධාරීන් පරිවර්තනය කිරීමට උත්සාහ කරන්නේ නම්, එය සාධාරණ නොමැති බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු පෙන්වාදෙන්නේ, කෝප් කමිටුව වසර ගණනාවක් තිස්සේ වාර්තා ඉදිරිපත් කළද, ඔවුන්ට තීන්දුවක් ගැනීමට බලයක් නොමැති බවත්, අවසානයේදී එය ප්‍රශ්න අසන, මාධ්‍ය සංදර්ශන තබන, නිලධාරීන් අපහසුතාවයට පත්කරන ‘රියැලිටි ෂෝ එකක්’ පමණක් බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා:

“අවුරුදු අටක් තිස්සේ හරකෙක් ගේන්න ප්ලෑන් කරනවා.මේ පාරම්පරික ගතානුගතික පරණ ප්‍රසම්පාදන ක්‍රමවේදය ඉවත් කරන්න.එහෙම නැතිනම් හැමදාම විවාද කර කර ඉන්න වෙනවා.වැඩිපුරම මාධ්‍ය සංදර්ශන තියෙන්නේ කෝප් කමිටුවේ. ඉතිහාසයේ ඉඳන් එහෙමයි. රාජ්‍ය නිලධාරීන් ගේනවා. ප්‍රශ්න අහනවා.

නිලධාරීන් අපහසුතාවයට පත් කරනවා.දේශපාලකයන් කණ්ඩායමක් එකතු වෙලා දෙන්නම් වැඩේ කියලා නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහනවා.පරීක්ෂණයක් කරනවා නම් ඒ ආකාරයට පරීක්ෂණ කරන්න පරීක්ෂණ කරන මුවාවෙන් නිලධාරීන් අපහසුතාවයට පත් කරන්න එපා”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka