gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂී සුරසිංහට වැඩ වරදී!

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී සුරසිංහ විජේරත්න විසින් සිදු කරන ලද ශල්‍යකර්මයන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ රෝගීන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් තොරතුරු රැස් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාමාර්ග ගෙන ඇත.

මේ වන විට එම කොමිසම විසින් ශල්‍යකර්මයන්ට භාජනය වී අගතියට පත් වූ පුද්ගලයින් 77 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රධාන වශයෙන් මෙම විශේෂඥ වෛද්‍යවරිය විසින් EVD සහ VP SHUNT නම් ස්නායු ශල්‍ය උපකරණ භාවිතයෙන් සිදු කරන ලද ශල්‍යකර්මයන් සම්බන්ධයෙන් ගැටලු මතු වී ඇත.

මෙම විශේෂඥ වෛද්‍යවරිය විසින් ශල්‍ය උපකරණ බාහිර ආයතනවලින් ලබාගැනීමට රෝගීන්ට උපදෙස් දීම හේතුවෙන් රෝගීන්ට අලාභ සිදුවී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් තවත් චෝදනා කිහිපයක් යටතේ විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද 2025/066 මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.

අල්ලස් කොමිසම විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් වූ පුද්ගලයින් හෝ මෙම අක්‍රමිකතා පිළිබඳව තොරතුරු දන්නා වෙනත් පුද්ගලයින්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු කොමිෂන් සභාව වෙත ලබා දෙන ලෙසයි. මේ සඳහා ක්ෂණික ඇමතුම් අංකය 1954 හෝ විද්‍යුත් තැපෑල ciaboc_gen@ciaboc.gov.lk හරහා තොරතුරු ලබා දිය හැකි බව ද සඳහන් කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය අංශයේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම දැඩි අවධානයෙන් පසුවන අතර, විශේෂඥ වෛද්‍යවරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටී.

රෝගීන්ගේ හිමිකම් සුරැකීම සහ රෝහල් පද්ධතිය තුළ විනිවිදභාවය තහවුරු කිරීම මෙම විමර්ශනයේ ප්‍රධාන අරමුණ බව කොමිසම පවසයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka