gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊශ්‍රායලය සමඟ කිසිදු සටන් විරාමයකට තීරණයක් නෑ..- ඉරානය

ඊශ්‍රායලය සමඟ කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් ගිවිසුමක් ඇති කරගෙන නොමැති බව ඉරානය පවසයි.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය ප්‍රහාර නතර කරන්නේ නම්, ඉරානයටද ඒ පිළිබඳ එකඟතාවකට පැමිණිය හැකි බවයි.

කෙසේවෙතත්, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ තම හමුදා මෙහෙයුම් අවසන් මොහොත දක්වාම සිදුකරන බවද ඔහු අවධාරණය කළේය.

තවද, සියලු ඉරාන වැසියන් සමඟ එක්ව රට ආරක්ෂා කිරීමට අවසන් ලේ බිංදුව දක්වා සූදානමින් සිටින, සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට නිර්භීතව ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත්ව සිටින සන්නද්ධ හමුදාවන්ට සිය ස්තූතිය පිරිනමන බවද අරග්චි මහතා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.

මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟත්වය පළ වී ඇති බවයි.

ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවත්, මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බවත් ට්‍රම්ප් මහතා සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka