gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සභාපති තෝරද්දී උනුසුම් තත්වයක්.. සභාපති ස්වාධීන කණ්ඩායමට.. උප සභාපති මාලිමාවට!

මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (27) දින පස්වරු මස්කෙළියේ පිහිටි මස්කෙළිය අප්කට් පාර අචිනිකා උත්සව ශාලාවේදි පැවැත්විණ.

එම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායමෙන් තරග කල  කන්දයියා රාජ් කුමාර් මහතා විවෘත ඡන්ද 09 කින් තේරී පත් වු අතර, සමගි ජන බලවේගයේ සභාපතිවරයා සදහා යෝජනා කෙරුණු ආසිර්වාදම් එලිස්ටන් මහතා විවෘත ඡන්ද 08 ක් ලබා ගන්නා ලදී.

සභාපතිවරයා තේරිමේ ජන්ද ක්‍රමය තෝරා ගැනීම සමස්බන්ධයෙන් එම සභාවට තේරිපත් වී සිටින ජාතික ජන බලවේගයේ තේරි පත් වීසිටින සභිකයින් කොමසාරිස්වරිය හමුවේ කියා සිටියේ තම සභාපති අපේක්ෂකයට මරණීය තර්ජනය එල්ල වී ඇති බවත්, ඒ අනුව ඡන්දය රහස්ව පවත්වන ලෙසයි.

මෙයට විරුද්ධ වූ සමගි ජන බලවේගයේ සභිකයින් සභාව තුල කලහකාරි ලෙස හැසිරෙමින් කියා සිටියේ සභාපතිවරයා තේරිමේ ඡන්දය විවෘත ඡන්දයක් පවත්වන ලෙසයි.

දෙපාර්ෂවය අතර ඇති වු උනුසුම් තත්වය සැලකිල්ලට ගත් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මිය ඡන්ද මතය විමසීම විෂේශ අවස්ථාවක් සේ සලකා රහස් ආකාරයෙන් පවැත්වීමට කටයුතු කරන බවයි.

පසුව මතය විමසිම රහස් ඡන්දයකින් පැවති අතර, එහිදි විවෘත ඡන්දය පවත්වන ලෙස ඡන්ද 10ක් සහ රහස් ඡන්දය පවත්වන ලෙස ඡන්ද 07ක්ද ලැබී තිබුණි.

මේ අනුව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරිම විවෘත ඡන්දයකින් පැවැත්විණ.

එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් සමගි ජන බලවේගයෙන් තේරි පත් වූ පරමසිවම් රාජ්කුමාර් මහතා ඒක මතිකව එම සභාවට උප සභාපතිවරයා වශයෙන් තේරිපත් විය.

– රංජිත් රාජපක්ෂ
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka