පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ජාතික ජන බලවේගයට සංජීව කරුණාසාගරට හිමි විය. පැවැත්වූයේ රහස් ඡන්දයකි. ඒ අවස්ථාවේ දී ඔහු ඡන්ද 19ක් ලබා ගත්තේය. සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූයේ මනෝ කුමාර එදිරිසිංහය. ඔහුට හිමිවූයේ ඡන්ද 18ක් පමණි.
උප සභාපති ධූරය සඳහා ද රහස් ඡන්දයක් පැවැත්විනි. ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ බන්දුල සමරවික්‍රම ඡන්ද 19ක් ලබාගෙන උප සභාපති ධූරයට පත්වූයේය. සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ කේ.ඒ. නන්දසිරි ලබාගෙන තිබුණේ ඡන්ද 18කි.
පඬුවස්නුවර `ප්‍රදේශීය සභාවේ සභික ධූර 38කි. ඉන් 17ක් ජාතික ජන බලවේග දිනා ගත්තේය. සමගි ජන බලවේගය 12ක්, ස්වාධීන කණ්ඩායම් අංක 01 ආසන 02ක්, ඕල් සිලෝන් මක්කල් කොංග්‍රසයටත්, එක්සත් ජාතික පක්ෂයටත්, සර්ව ජන බලය පක්ෂයටත් ඡන්ද එක බැගින් ලැබී තිබිණි. විපක්ෂයේ ඡන්ද එකතු වුන විට ඡන්ද 20කි.
ඡන්ද විමසීම සභිකයින් 37කගෙන් සිදුවිය. සර්වජන බලයේ සභික සිරන්ත පද්මලාල්ගේ නම ගැසට් කර නොතිබුණු නිසා ඔහුට සභාවට පිවිසීමට අවස්ථාව නොලැබිනි.
කෙසේ වෙතත් අවසානයේ දී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ඡන්ද 19ක් ලබාගෙන බලය පිහිටුවා තිබිණි. මාලිමාවට පොදු විපක්ෂයෙන් ද ඡන්ද 02ක් ලබා දී තිබිණි.
