gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වංචා දූෂණ ඥාති සංග්‍රහ ආදි­යෙන් වැන­සුණු රට දැන් යළි ගොඩනැඟෙ­මින් පව­ති­නවා – මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම හිමි

වංචා දූෂණ හා ඥාති සංග්‍රහ නිසා මේ රටට පසු­ගිය කාලයේ හෙණ ගැහුණු බවත් දැන් යම් පිළි­වෙ­ළ­කට රට ගොඩ­නැ­ඟෙ­මින් පව­තින බවත් මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක පූජ්‍ය දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම නාහි­මියෝ පව­සති.

මාලි­මාව බල­යට පැමි­ණි­ය­හොත් මාස යහ­කට වඩා ආණ්ඩු නොක­රන බවට ඇතැ­මුන් ප්‍රකාශ කළ මුත් එසේ සිදු නොවුණු බවත් වංචා, දූෂණ හා අක­ට­යු­තු­ක­ම්ව­ලින් තොරව පාල­නය ගෙන යන්නේ නම් ජනතා ආශී­ර්වා­දය සැමදා පව­තින බවත් උන්ව­හන්සේ කීහ.

අනු­නා­හි­මියෝ එසේ පැව­සුවේ මහ­නු­වර මහා නගර සභාවේ අභි­නව නග­රා­ධි­පති චන්ද්‍ර­සිරි විජේ­නා­යක මහතා පෙරේදා (12) මල්වතු මහා විහා­ර­යට ගොස් උන්ව­හන්සේ බැහැ­දැක ආශී­ර්වාද ලබා­ගත් අව­ස්ථා­වේදී ය. පසු­ගිය කාලයේ රට බර­ප­තළ ගැටලු රැස­කට මුහුණ දුන්නේ පාල­ක­යින් ගත් වැරදි තීන්දු නිසා බවත් ඥාති සංග්‍රහ මෙන්ම වංචා, දූෂණ, සොර­කම් ඇතුළු කරුණු ගණ­නා­වක් මෙයට බලපෑ බවත් අනු­නා­හි­මියෝ පැව­සූහ.

වත්මන් පාල­නය යටතේ වංචා, දූෂණ, සොර­කම් සිදු නොවනු ඇතැයි ජන­තාව විශ්වාස කරන බවත් එම විශ්වා­සය තහ­වුරු වනසේ කට­යුතු කිරීම මහ­ජන නියෝ­ජි­ත­යන් සියලු දෙනාගේ වග­කීම බවත් විම­ල­ධම්ම නාහි­මියෝ ප්‍රකාශ කළහ.

මහ­නු­වර නග­රයේ අන­ව­සර වෙළෙ­ඳාම මෙන්ම අවි­ධි­මත් ඉදි කිරීම් බහු­ලව දක්නට ලැබෙන බවත් මේවා සම්බ­න්ධ­යෙන් පක්ෂ, පාට භේද­යෙන් තොරව නීතිය ක්‍රියා­ත්මක විය යුතුව තිබෙන බවත් අනු­නා­හි­මියෝ පැව­සූහ.

ශ්‍රී දළදා මාලි­ගාව, මල්වතු අස්ගිරි උභය මහා විහා­රය, පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලය හා උද්භිද උද්‍යා­නය ඇතුළු පූජ­නීය මෙන්ම සුවි­ශේෂි ස්ථාන­ව­ලින් සම­න්විත මහ­නු­වර ලෝක උරුම නග­රය විධි­මත් ලෙස සංව­ර්ධ­නය විය යුතුව ඇතැයි ද එහි දී නගර සභා­වට විශාල කාර්ය­භා­ර­යක් පැව­රෙන බවත් උන්ව­හන්සේ කීහ.

මෙහි දී අද­හස් දැක්වූ නග­රා­ධි­පති චන්ද්‍ර­සිරි විජේ­නා­යක මහතා ජන­තාව පැවති පාල­නය වෙන­ස්කර මාලි­මා­වට බලය ලබා දුන්නේ වංචාව හා දූෂ­ණය පිටු­දැක යහ­පත් පාල­න­යක් වෙනු­වෙන් බවත් එම ජනතා අපේක්ෂා ඉටු කිරී­මට මහ­ජන නියෝ­ජි­ත­යින් සියලු දෙනා ඇප­කැප වන බවත් පැව­සු­වේය.

මෙම අව­ස්ථා­වට මහ­නු­වර මහා නගර සභාවේ නියෝජ්‍ය නග­රා­ධි­පති රුවන් කුමාර මහතා ඇතුළු ජාතික ජන බල­වේ­ගයේ මන්ත්‍රී­වරු පිරි­සක් ද සහ­භාගි වූහ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka