ඉරානයට එරෙහිව දියත් කර ඇති මෙහෙයුම නැඟී එන සිංහයා අරුත දෙන රයිසින් ලයන් හි කොටසක් – ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානී හොසේන් සමලාමි සහ න්‍යෂ්ටික විද්‍යාඥයෝ 6ක් මරුට ඉරානය සමග යුද්ධයක් අරඹමින් ඊශ්‍රායලය විසින් පෙරේදා (12දා) රාත්‍රියේ ඉරානයේ හමුදා සහ න්‍යෂ්ටික අවි මධ්‍යස්ථාන වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර එයට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරානය ද ඊයේ (13 දා) දිනයේ ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන යානා ප්‍රහාර 100ක් පමණ එල්ල කර ඇති බව වාර්තා වී තිබේ. ඊශ්‍රායලය විසින් ඉරානයේ හමුදා හා න්‍යෂ්ටික අවි පහසුකම් වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයන් ටෙහෙරාන් අගනුවර පිහිටි ජනාවාස වෙත ද එල්ල වී ඇති අතර ඉන් ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානියා වන හොසේන් සලාමි මෙන්ම කමාන්ඩෝ භටයන් රැසක් හා න්‍යෂ්ටික විද්‍යාඥයන් 6 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මධ්‍යම ටෙහෙරානයේ පදිංචි ළමුන් ඇතුළු සිවිල් වැසියන් පිරිසක් ද මියගොස් ඇති බව ඉරාන රජයේ රූපවාහිනී සේවය විසින් වාර්තා කර ඇතත් එහිදී මියගිය සංඛ්‍යාව නිශ්චිතව සඳහන් කර නැත.
ඊශ්‍රායල ප්‍රහාරවලින් මධ්‍යම ටෙහෙරානයේ පිහිටි ගොඩනැගිලි රැසක් ගිනිගෙන විනාශ වී ගොස් ඇති අතර එම ගොඩනැගිලි සුන්බුන්වලින් කළු පැහැති දුම් අහසට නිකුත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි. ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද මෙහෙයුම ‘නැගී එන සිංහයා’ යන අරුත ගෙන දෙන ‘රයිසින් ලයන් ’ ලෙස නම් කර තිබේ.
මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් වෙත පෙරේදා (12දා) රාත්‍රියේ එල්ල කර ඇති ගුවන් ප්‍රහාරයන් ඉරානයට එරෙහිව දියත් කර ඇති ‘රයිසින් ලයන්’ මෙහෙයුමේ කොටසක් බවයි.
එය ඉරානය ඊශ්‍රායලයේ යහපැවැත්මට තර්ජනයක් බවද අගමැති නෙතන්යාහු සඳහන් කර තිබේ. මේ අතර සිය විප්ලවීය ප්‍රධානියා හා න්‍යෂ්ටික විද්‍යාඥයන් පිරිසක් මරුමුවට පත් කරමින් ඊශ්‍රායල හමුදා විසින් එල්ල කර ඇති ප්‍රහාරයට එරෙහිව ඊශ්‍රායලයට දඬුවම් ලබා නොදී අත්නොහරින බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කුමේනි පවසා තිබේ. ඊශ්‍රායලය ද ඉරානයට එල්ල කර ඇති ගුවන් ප්‍රහාරවලට ළඟදීම ප්‍රතිප්‍රහාරයන් බලාපොරොත්තුවෙන් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මේ අතර ඉරානය විසින් ඊශ්‍රායල හමුදාවන් එරටට එල්ල කර ඇති ප්‍රහාරයන් සඳහා ඇමරිකාව සහය දක්වා ඇති බවට චෝදනා එල්ල කර ඇතත් ඇමරිකාව විසින් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇති ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාරයක් එල්ල කරන බව කලින් සිටම දැන සිටිය ද ඒ සඳහා ඇමරිකාව සම්බන්ධ නොවූ බව අවධාරණය කර තිබේ. ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් වෙත ප්‍රහාරයන් එල්ල කිරීමට යන බවට රාවයන් පැතිර ගොස් තිබුණේ වසර ගණනාවක සිට වුවද එවැනි ප්‍රහාරයක් නිශ්චිතව සිදු වන බවට තහවුරුව තිබුණේ පසුගිය දින කිහිපයේදී බව ඇමරිකානු මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.
ඒමන්ති මාරඹේ