ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කරන ප්‍රහාරවලට දායකවීමට අමෙරිකාව සූදානම් බවට වාර්තා වන පසුබිමක ඉදිරි සතිය ඉරානයට ඉතාමත් තීරණාත්මක වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කරයි.
මෙම යුද ගැටුම් පුළුල් යුද්ධයක් කරා දික්ගැස්සෙමින් පවතින බැවින් ඉරානය, කොන්දේසි විරහිතව යටත් විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් සඳහන් කළේය.
කෙසේ වෙතත් ඉරාන ජනතාව කිසිදු දිනෙක යටත් නොවන බව ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි සඳහන් කරයි.
තවද ඉරානයේ ඉතිහාසය ගැන දන්නා බුද්ධිමත් පිරිස් කිසිවිටක තම රාජ්‍යයට තර්ජනය කිරීමට පෙළඹෙන්නේ නැති බවද ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි සඳහන් කරයි.
මේ අතර මෙම තීරණාත්මක මොහොතේදී අමෙරිකාව ඊශ්‍රායල ප්‍රහාරවලට එක්වනවාද යන්න තීරණය කිරීමේ ඉහළ පෙළේ හමුවක් අමෙරිකාවේ ධවල මන්දිරයේදී පවත්වා ඇත.
මෙම හමුවේදී ඉරානය වෙත පහරදීමට අනුමැතිය පළවී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කළද අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
