gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“කැරම් බෝඩ් ගෙදර ගෙනිහිං නෑ.. බෙදාදුන්නේ ජනතාවටයි” – දිලිත් ජයවීර කියයි

සර්ව ජන බලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසන්නේ හිටපු අමාත්‍යවරුන්වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට බන්ධනාගාරගත වීම සිදුව ඇත්තේ, කැරම් බෝඩ් ජනතාවට බෙදා දීමට යෑම හේතුවෙන් මිසක ඒවා ගෙදර ගෙන යෑම හේතුවෙන් නොවන බවයි.

මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ජන බලවේගය ඡන්දයට පෙර ප්‍රකාශ කළ “හොරු ඇල්ලීමේ ආඛ්‍යානය” මෙහිදී ඉටු නොවන බවත් තවත් ලොකු හොරු කිහිපදෙනෙකු අල්ලාගෙන විත් ඔවුන් සොරා ගත් දෑ ජාතික ධනයට එකතු කරන තෙක් ජනතාව බලා සිටින බවත්ය.

“දැන් සමස්තයක් හැටියට ගත්තම දඬුවම් දීම හොඳයි, නමුත් මේ හොරු ඇල්ලීම මගින් ජනතාවට යමක් ලැබිය යුතුයි.

ඉතින් සමස්තයක් හැටියට මේ හොරු අල්ලලා ජනතාව බලාපොරොත්තු වුණේ තමන්ගේ ඡන්දයෙන් හොරුන් විසින් හොරකම් කරන ලද ධනය නැවත ලබාගෙන මේ රටට සුඛිත මුදිත තත්ත්වයක් ඇති කරන්න පුළුවන් කියලා ජනතාව අහිංසකව අපේක්ෂා කළා.

එතකොට කැරම් බෝඩ් ටික ජනතාවට බෙදා දීලා, දාම් බෝඩ් ටික ජනතාවට බෙදා දීලා තියෙන තත්ත්වයක් තුළ දෙවන අභිලාශය ඉෂ්ට වෙන්නේ නැහැ.

මොකද මේ දෙන්නා ඇතුළට ගිහින් තියෙන්නේ කැරම් බෝඩ් අරගෙන ජනතාවට බෙදා දීලා මිසක් ගෙදර අරන් ගිහිල්ලා නෙමේනේ.

ඔවුන් කියපු හොරු අල්ලන ආඛ්‍යානය මෙතන ඒ විදියට ඉෂ්ට වෙන්නේ නැහැ.

ඒක නිසා මම හිතනවා අර කියපු ලොකු අර හොරු ටික අල්ලලා, ඒ ගොල්ලෝ එක්ක ඩීල් තියෙනවා නම් මන් හිතන්නේ ඒක වෙන්නේ නැති වෙයි.

ලොකු හොරු කීප දෙනෙක් ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා අල්ලලා කුදලාගෙන ඇවිල්ලා සොරාගත් ධනය ලබාගෙන ඒක ජාතික ධනයට එකතු කරලා මේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහළ ට දායි කියලා.

ජනතාව බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ හොරු ටික අල්ලනකම්, විශාල හොරු ටිකක් ඉන්නවනේ අන්න ඒ හොරු අල්ලනකම් තමයි ඉන්නේ. හැබැයි මෙහෙම වෙල්ඩින් කරලා මේක බේරගන්න බැරි වෙයි කියලා මම හිතන්නේ.

මොකද ඔවුන්ගේ ප්‍රධාන ආඛ්‍යානය වුණේ ඡන්දය පුරාම හොරු ඇල්ලීම, දැන් හොරු අල්ලන්න ඕන, හැබැයි හොරු අල්ලනවා නම් ජනතාව රවට්ටන්න බැහැ.

ජනතාව බලාපොරොත්තු වෙනවා සැබෑ හොරු ටික අල්ලනකම්, අල්ලලා ධනය ගේන්නත් ඕන නිකම් බෑ.”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka