කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ බලය අද ජාතික ජන බලවේගය විසින් පිහිටවනු ලැබුවේය.
ප්‍රාදේශීය සභාවේ සභික ධූර 18කි. ඉන් 08ක් ජයග්‍රහණය කර කණ්ඩායමක් ලෙස වැඩිම සභික ධූර සංඛ්‍යාවක් හිමිකරගෙන සිටියේ ජාතික ජන බලවේගය විසිනි.
සමගි ජන බලවේගයට සභික ධූර 05ක්, පොදු ජන එක්සත් පෙරමුණට සභික ධූර 03ක් සහ එක්සත් ජාතික පක්ෂයට එක් සභික ධූරයක් හිමි වී තිබිණි.
මේ වනවිට කරළියට පැමිණ ඇති පොදු විපක්ෂයට ඒ අනුව සභික ධූර 09ක් හිමිවූයේ ජාතික ජන බලවේගයට වඩා එක් සභික ධූරයක් ලෙස සටහන් වෙමිනි. පැවැත්වූයේ රහස් ඡන්දයකි. එම රහස් ඡන්දයේ දී සභික ධූර 08ක් පමණක් තිබූ ජාතික ජන බලවේගයට සජබ, යූඑන්පී,පොහොට්ටු සභිකයින්ගෙන් කෙනෙක් ඡන්දය පාවිච්චි කර තිබිණි.
ජාතික ජන බලවේගය කොබෙයිගනේ ප්‍රාදේීහ සභාවේ බලය පිහිටවූයේය. ඡන්ද 09ක් ලබා ගත් ජාතික ජන බලවේගයේ ආනන්ද පණ්ඩිතරත්න සභාපතිවරයා ලෙස තෝරා ගැනුණි.
රහස් ඡන්ද විමසීම තරගමදී ඡන්දය නැවැත්වීමට සිදුවිය. ඒ සමගි ජන බලවේගයේ සභිකයෙක් ඡන්ද පත්‍රිකාවක් ඡායාරූපගත කිරීම නිසාය. තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ද මැදිහත් වීමට සිදුවිය.
ඡන්දය යළි ආරම්භ වන්නේ අදාල මන්ත්‍රීවරයාගේ ජංගම දුරකථනය නිලධාරීන් භාරයට ගැනීමෙන් පසුය.
