දැනට වසා තබා ඇති සිරිලිය සවිය ගිණුම සම්බන්ධ වූ නඩුකරය නැවත විභාගයට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව මහරජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සඳහන් කරයි. අදාළ ගිණුම ආරම්භ කිරීමේදී ලබාදිය යුතු අයදුම් පත්‍රය බැංකුවෙන් මේ වන විට අස්ථාන ගත වී ඇති බවද ඔහු පැවසීය.
එම ගිණුමේ කටයුතුද අක්‍රිය කිරීමට කර ඇති බවද හෙතෙම පැවසුවේය.
ගිණුම අත් හිටුවන විට එහි ශේෂය රුපියල් මිලියන 44 ක් බවත් ගිණුමේ අටකෝටි 29 ලක්ෂයක අධික මුදලක් තැන්පත් කර තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.
ලක්ෂ සියයක ස්ථාවර තැන්පතුවක්ද සිරිලිය නමින් තැන්පත් කර ඇති බවත් අමාත්‍ය ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.