gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමෙරිකාව ඉරානයට පහර දෙයි.. ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමරිකාවෙන් ප්‍රහාර..

ඉරාන - ඊශ්‍රායලය අතර පැවැත්වෙන යුද ගැටුම් මැද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවය.

රොයිටර් පුවත් සේවයට අනුව ඉරානයට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරවලට B-2 බෝම්බ හෙලන යානා සම්බන්ධ වූ බවද වාර්තා වේ.

අමෙරිකානු B-2 රහසිගත බෝම්බ හෙලන යානා අමෙරිකානු දූපතක් වන ගුවාම් වෙත ගෙන ගොස් ඇති බවට ඊයේ (21) වාර්තා වූ අතර ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරයකට එය සම්බන්ධ විය හැකි බවටද අනුමාන මතු විය.

B-2 බෝම්බ ප්‍රහාරක යානා යනු අමෙරිකාවේ බංකර් බ්ලාස්ටර් බෝම්බ රැගෙන යා හැකි එකම ගුවන් යානා වන අතර ඉරාන ප්‍රහාරයට අමෙරිකාව භාවිත කර ඇත්තේද මෙම ගුවන් යානා බවද වාර්තා වේ. 

ප්‍රහාරයෙන් පසු Truth Social හී සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ සියලුම ගුවන් යානා ආරක්ෂිතව නිවෙස් බලා යමින් තිබෙන බවත් දැන් සාමයට කාලය වන බවත්ය.

මේ අතර ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ට්‍රම්ප් අද ජාතිය ඇමතීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ඉරානය ගන්නා වූ උත්සාය ව්‍යාර්ථ කිරීමේ අරමුණින් ඊශ්‍රායලය පසුගියදා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන ලදි.

කෙසේ වෙතත් එල්ල වන චෝදනා හමුවේ ඉරානය පවසා ඇත්තේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට ඉරානය සූදානම් නොමැති බවත් සිය න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී අරමුණු සඳහා පමණක් වන බවය.

එමෙන්ම මින් පෙර ඉරානය අනතුරු අඟවා තිබුණේ ඉරානයට පහර දීමට අමෙරිකාව සූදානම් වුවහොත් මැදපෙරදිග පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානය විසින් පහර දෙන බවය.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka