gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තිදෙනෙකුට මරු කැඳවා 34කට තුවාල සිදුකළ බදුල්ල මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ රිය පදවා ඇත්තේ රිය සහායකයා බව හෙළි වෙයි!

ඊයේ (21) බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ දී පුද්ගලයින් 03 දෙනෙකුට දිවි අහිමි කරමින් 34 දෙනෙකුට තුවාල සිදුකළ මාරක අනතුරට බස් රථය ලක්වන විට රිය ධාවනය කර ඇත්තේ බස් රථයේ රියදුරු නොව රිය සහායකයා බව පොලිසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ රිය සහායක බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටී මෙම බස් රථය පෙරළී ගොස් තිබුණේ අද පස්වරු 6ට පමණය.

බස් රථයට යටවී පුද්ගලයින් දෙදෙනෙක් සිටි බවත් ඔවුන් දෙදෙනාම මියගොස් සිට ඇති අතර රෝහලට රැගෙන ආ පසු තවත් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවත් බදුල්ල රෝහල් ආරංචි මාර්ග පවසයි.

තුවාල කරුවන් 34 දෙනෙක් රොහල්ගත කර ඇති අතර ඉන් දෙදෙනෙක් බරපතල තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති. ප්‍රතිකාර ලබමින් සිටින්නේ කාන්තාවක සහ දරුවෙකි. කාන්තාවගේ තත්ත්වය ඉතාම අසාධ්‍ය බව වාර්තා වේ.

අනතුරට ලක් වු බස් රථය අධික වේගයෙන් ධාවනය වී ඇති බවට ද මේ වනවිට තොරතුරු ලැබී ඇත. පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන පවත්වමින් හිඳී.

මෙලෙස අනතුරට ලක්ව තිබුණේ බදුල්ල සිට අනුරාධපුර දක්වා වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් පැවති බස් රථයකි.

අනතුරට පත් පිරිස අනුරාධපුර, තඹුත්තේගම පහළගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවත්,  ඔවුන් අද අලුයම බදුල්ල මුතියංගන වෙහෙර වැඳපුදාගෙන නැවත නිවෙස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බවත් පොලිසිය පවසයි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka