ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ වාරිකය නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කරුණු දෙකක් එම අරමුදල සිහිපත් කරයි.
ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල සතිපතා පවත්වන මාධ්‍ය හමුවේදී එහි සන්නිවේදන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂිකා ජූලි කොසැක් පැවසුවේ පිරිවැය ආවරණය වන විදුලි මිලකරණය නැවත ස්ථාපිත කිරීමත් ස්වයංක්‍රීය විදුලි මිල ගැළපූම් යාන්ත්‍රණය නිසි ක්‍රියාකාරීත්වය සහතික කිරීමටත් ශ්‍රී ලංකා රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිවුවැනි සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පසුගිය අප්‍රේල් 25 වැනි පැමිණියේය.
ඒ අනුව මෙම කාරණා සම්පූර්ණ කල පසු ඊට අදාළ විධායක මණ්ඩලය අනුමැතිය හිමිවනු ඇති බවත් ඇය පැවසුවාය.