gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හල්ලොලුවට වෙඩි තැබීමේ ප‍්‍රධාන සාක්‍ෂියක් එලියට.. පැහැදිලි CCTV හමුවේ.. (Video)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට නාරාහේන්පිට දාබරේ මාවතේදී සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වන සිසිටීවී දර්ශන හමුවී තිබේ.

එහි දැක්වෙන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් හල්ලොලුව මහතා ගමන් ගත් වාහනය නවතා වෙඩි තැබීම සහ පහරදීම සිදුකරන ආකාරයයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පොලිස් කණ්ඩායම් හතරක් යොමු කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙහි පරීක්ෂණ ඉදිරියට මෙහෙයවමින් සිටී.

අහසට වෙඩි තබා වාහනයට ද ඇති වෙඩික්කරුවන් හල්ලොලුව මහතා සතුව තිබූ වැදගත් තොරතුරු අඩංගු ලිපි ගොනුවක් රැගෙන පලා ගොස් ඇත.

ප්‍රහාරයෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බලපතල නොවන බවද පොලිසිය කියා සිටී.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka