මෙරටට ලුණු දෛනික අවශ්‍ය ප්‍රමාණය මෙට්‍්‍රක් ටොන් පන්සියයක් බව සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව එක් අයෙකු දිනකට ආහාරයට ගන්නා උපරිම ලුණු ග්රෑම් හතක් පමණක් බවත් පැවසූ ඔහු එය අනුව මෙට්‍රික් ටොන් පන්සියයක් ලුනු සපයාගත නොහැකි රටක් නොවන බවද කියා සිටී.
නමුත් පසුගිය කාලසීමාවේ දිගින් දිගටම වැසි ඇදහැලුනු නිසා ලුනු නිෂ්පාදනය බිඳවැටීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඒ මහතා පැවසීය.
ඒ හේතුවෙන් ලුණු ආනයනය කිරීමට තීරණය කර ඇති බවද පැවසු ඇමතිවරයා රට තුළ අවශ්‍ය තරම් ලුණු නිෂ්පාදනය සිදුවනතුරු ආනයනයකර වෙළඳපොළට නිකුත් කිරීමට අවසර දී ඇති බවද ඔහු කියා සිටියේය.