gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදුලි බිල වැඩි වන හැටි

විදුලි ගාස්තුව සියයට 18.3 කින් ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ පනතට අනුව කටයුතු කරන බවත් එම යෝජනාව පිළිබඳව අවසන් තීරණය ජූනි මස පළමු සතියේ ප්‍රකාශ කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.

මහජන උපයෝගිතා කොමිසමේ පනතට අනුව ඒ සඳහා ක්‍රියාත්මක කළ යුතු පියවරයන් කීපයක් ඇති බව කී ඒ සඳහා මාසයකට අධික කාලයවක් ගතවන බව ද සඳහන් කළේය.

විදුලි පාරිභෝගිකයන්ට උපරිම සාධාරණය වන පරිදි නීති්‍යානුකූල තීරණය ගන්නා බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

මෙම වසරේ ජුනි සිට දෙසැම්බර් දක්වා වන කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාල යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට පසුගිය සිකුරාදා යොමුකර තිබුණි.

විදුලිබල මණ්ඩලයට සිදුව ඇති මුල්‍ය පාඩුව සැළකිල්ලට ගනිමින් මෙම ගාස්තු සංශෝධනය යෝජනා කරන බව අදාල යෝජනාවේ සඳහන් වේ.

පසුගිය ජනවාරි මාසයේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමකින් තොරව විදුලි ගාස්තු සියයට 20 කින් පහළ දැමීමට ගත් පියවර අතර විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් පාඩු ලැබීමට හේතුව බව එම මණ්ඩලය පවසයි.

මෙම තත්ත්වය තුළ ජුනි සිට දෙසැම්බර් දක්වා කාල සිමාවේදී විදුලිබල මණ්ඩලයේ මුල්‍ය හිඟය රුපියල් මිලියන 42,196ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇති බැවින් මෙවර ගාස්තු සංශෝධනයේදී සියයට 18.3 කින් ඉහළ දැමීමට අවශ්‍ය බව එම යෝජනාවේ සදහන් වේ.

ඒ අනුව විදුලි ඒකක ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තුව ද ඉහළ දැමීමට යෝජනා කර ඇත.

ඒ අනුව ගෘහස්ථ, ආගමික හා පුණ්‍යායතන, කර්මාන්ත හා හෝටල් සහ රාජ්‍ය ආයතන යන සියලුම අංශ සදහා ගාස්තු ඉහළ නැංවීමට ඔවුන් යෝජනා කර ඇති බව සදහන් වේ.

ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 30 දක්වා රුපියල් 4ක් වන ඒකකයක මිල රුපියල් 4.75 ක් දක්වා සහ රුපියල් 75 ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 90ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

ඒකක 31 සිට 60 දක්වා රුපියල් 6ක් වූ ඒකකයක මිල රුපියල් 7ක් දක්වා සහ ස්ථාවර ගාස්තුව රුපියල් 200 සිට රුපියල් 235 දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබේ.

ඒකක 61 සිට 90 දක්වා රුපියල් 14ක් වන ඒකකයක මිල රුපියල් 16.60 ක් දක්වා සහ එම කාණ්ඩයේ රුපියල් 400ක් වු ස්ථාවර ගාස්තුව 475ක් දක්වා ඉහළ දැමීමට ද යෝජිනා කර තිබේ.

ඒකක 91 සිට 120 දක්වා රුපියල් 20 ක් වන ඒකකයක මිල රුපියල් 23.65ක් දක්වා සහ රුපියල් 1000 ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,185 ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

ඒකක 121ත් 180ත් අතර කාණ්ඩයේ රුපියල් 33ක් වන ඒකකයක මිල රුපියල් 39.5 ක් දක්වා ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති අතර රුපියල් 1,500ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,775ක් දක්වා ඉහළ දැමීමට යෝජිනා කර තිබේ. ඒකක 181ට වැඩි ගෘහස්ථ කාණ්ඩයේ රුපියල් 52 ක් වන විදුලි ඒකකයක මිල රුපියල් 61.55 ක් දක්වා සහ රුපියල් 2,000ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 2,370ක් දක්වා වැඩි කිරීමට ද විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත.

-(යොහාන් භාසුර)
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka