gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ එන්ජිම වෙනස් කරනවා! ඇමැතිකම් මාරු වෙනවා! වගකීමුත් වෙනස් කරනවා! හදිසියේම ඇවිත් බිමල් කරපු විශේෂ ප්‍රකාශය මෙන්න!

ඉදිරි කාලසීමාව ඇතුළත ආණ්ඩුව ඇතුළේ තනතුරු මෙන්ම වගකීම් වෙනස් වීමට නියමිත බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය. ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යවේදී සිසිර යාපා මහතා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණ කර සිටියේය. එහිදී අමාත්‍යවරයා සහ සිසිර යාපා අතර සාකච්ඡාවේ අවසන් වටයේ සිදුවූ දෙබස පහත දැක්වේ.

ප්‍රශ්නය
අමාත්‍යාංශ යටතේ තිබූ ආයතන ගණනාවක සභාපතිවරු ඉල්ලා අස්වුණා. ඇයි ඒ?

අපේ මේ සභාපතිවරු සියලු දෙනාම වගේ, 99%ක්ම වගේ පත්කළේ ඇමැතිවරු තුන්දෙනාගේ ආණ්ඩුව ඇතුළේ. අපිට තිබුණා ඒ වෙලාවේ රට අස්ථාවර නොවී පාලනය කරන්න. අපි 21ක විතර කණ්ඩායමක් එකතු වෙලා ඒවට විවිධ සභාපතිවරු නායකවරු පත්කළා. ඒ සමහර අය පත් වුණේම කෙටි කාලයකට. ඒ අයත් ඒක දන්නවා. සමහරු ස්වේච්ඡාවෙන්ම ඉවත් වෙලා ගියා. තවත් පිරිසක් ඡන්දේ ඉල්ලන්න ඒ තනතුරුවලින් ඉවත් වුණා.

රාජ්‍ය පාලනය කියන එක තේරුම් ගන්න වෙන්නේ ඒකට බැහැලම තමයි. ආයතනයක් පාලනය කරන්න දැනුම, විනය, කළමනාකරණය අවශ්‍යයි. අවස්ථාවෝචිත ප්‍රඥාව අවශ්‍යයි. තව ගොඩක් දේවල් අවශ්‍යයි. සමහර අයට හොඳ කොලිටීස් තිබුණට අර කොලිටීස් නැහැ. සමහර අය ඇත්තටම සුදුසු නැහැ. මම වුණත් අමාත්‍යාංශය භාරගනිද්දී කිව්වේ මමත් ඉන්නේ මාස හයයි, මට බැරිනම් මම ලියුම දීලා අයින් වෙනවා, මට මේක බදාගෙන ඉන්න අවශ්‍ය නෑ. අපිට තියෙනවා අවුරුදු 2000ක විතර වැඩ කරන්න. පළමු වතාවට තමයි පහළ පන්තියේ මිනිස්සුන්ගේ ආණ්ඩුවක් හැදුණේ. සුද්දෝ පාලනය කළත්, රජ්ජුරුවෝ පාලනය කළත් මේ රටේ දුප්පත් මිනිස්සු ගැන බැලුවේ නෑ. ඒ නිසා අවුරුදු 2000ක විතර ප්‍රශ්න තියෙනවා විසඳන්න. හැම කෙනාටම වගකීමක් තියෙනවා. අපිට පුළුවන් නම් කරනවා, බැරිනම් නිහතමානීව ඉවත් වෙලා යන්න. මේ මැෂින් එකේ දුවද්දී තමයි කාටත් තේරෙන්නේ මේ දේ අපිට කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒ නිසා අපි මේ පළමු මාස හයේ කළේ පුරුදු වෙන එක. අත්දැකීම් ගන්න එක. අපි නිලධාරීන්ව විශ්වාස කරන්නේ නෑ. ඒ අයගේ පොර ටෝක් අපි ගොඩක් අහලා තියෙනවා. අපිට තේරෙනවා මේ අය කියන දේ කරන්න පුළුවන්ද බැරිද කියලා. අපිටත් තේරෙනවා මේ අය යමක් කිව්වට ඒ අයගේ ඔළුවේ තව දෙයක් තියෙනවා කියලා. සමහරු කම්මැළියි. සමහරු දේශපාලන හෙංචයියෝ. අපි මේ මාස හයේ කළේ දෙගොල්ලන්වම තේරුම් ගැනීම. එහෙම නැතුව වෙන කිසිම ක්‍රමයක් නෑ මේ දෙගොල්ලන්ව තේරුම් ගන්න. දැන් අපි ඡන්ද සියල්ල අවසන් කරලයි ඉන්නේ. දැන් තියෙන්නේ ඊළඟ අවුරුදු හතරහමාර ඩ්‍රයිව් කරන්න. ඒකට අපිට එන්ජිමට හොඳ කොටස් හොඳ මැෂින් අවශ්‍යයි.

ඒ අනුව ඉදිරි මාස කිහිපයේදී මමත් ඇතුළුව වගකීම් මාරුකරන්න බලාපොරොත්තු වෙනවා. සමහර විට අලුත් අය පත්කරනවා. ඒවා අපි ඉතා සුහදව සාකච්ඡා කරලා කරනවා. සමහර අය ගොඩක් ඉන්නවා ස්වේච්ඡාවෙන් ඇතුළට ඇවිල්ලා වැඩකරන්න කැමැති අය. අපි ජනවරමට වග කියන්න ඕනේ. ජනතාවට වග කියන්න ඕනේ. හැබැයි බොරු කියනකොට, අපිව රවට්ටන්න හදනකොට අපේ ඉවසීමේ සීමාව පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා….’
-mawratanews
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka