රටේ කුප්‍රකට චරිතයක් වූ නිශ්ශංක සේනාධිපතිට එරෙහිව ඇති අල්ලස් නඩුවකට අදාලව නිශ්ශංක සේනාධිපතිගේ පාර්ශවයෙන් පැහැදිලිකිරීමක් ලබා දීමට අවශ්‍ය වී ඇති බවත්, ඒ සඳහා නිශ්ශංක සේනාධිපතිට පුද්ගලිකව අල්ලස් කොමිසම මුණ ගැසීමට වෙලාවක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් රටේ ප්‍රබල අමාත්‍යාංශ ලේකම් වරයෙක් අල්ලස් කොමිසමේ ඉහළම නිලධාරියෙක් අමතා කළ ඉල්ලීමක් සම්බන්ධව එම නිලධාරියා ජනාධිපතිවරයාව දැනුම්වත් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
අදාල ලේකම්වරයා සහ නිශ්ශංක සේනාධිපති සම්බන්ධ ගනුදෙනුව මාධ්‍ය මගින් අවස්ථා ගණනාවක දී හෙළි කර තිබිණි.
මෙම අමාත්‍යංශ ලේකම්වරයා හමුවීමට අදාල අමාත්‍යාංශයට නිශ්ශංක සේනාධිපති පැමිණ සිටි අවස්ථා රටේ විපක්ෂයේ ප්‍රබල දේශපාලකයින් ද දෑසින් දැක සහතික කරගත් අවස්ථා වාර්තා විය.
-lankasara