ප්‍රධාන නිලතලවල වසර අටක් කටයුතු කර තිබේ නම් නැවත තරග කළ නොහැකි බවට නව නීතියක්... ක්‍රීඩා සංගම්වල උඩපුටු සියල්ල විසිවෙන්නට නියමිතයි.. හිටපු ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු විසින් ක්‍රීඩා පනත සංශෝධනය කරමින් පසුගිය වසරේ මැයි මාසයේ නිකුත් කර තිබූ ගැසට් පත්‍රය බල රහිත කර ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ක්‍රීඩා පනත නැවත වරක් සංශෝධනය කර ඇත.
ක්‍රීඩා පනත වහාම සංශෝධනය කළ යුතු බව මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේද සඳහන් කර තිබුණත් වත්මන් ක්‍රීඩා ඇමතිවරයාට එය ක්‍රියාත්මක කිරීමට මාස හයක් ගත විය.
කෙසේ හෝ මෙම නව සංශෝධන අනුව හරින් ප්‍රනාන්දු ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට වසර ගණනක් නිලතල දැරීමට ලබා දී තිබුණු අවකාශය ඉවත් කර ප්‍රධාන නිලතලවල වසර අටක් කටයුතු කර තිබේ නම් නැවත තරග කළ නොහැකි බවට නව නීතියක් පනවා තිබීම විශේෂත්වයකි.
මෙම නව නීතිය අනුව වත්මන් ක්‍රිකට් විධායක සභාවේ වැඩි දෙනකුට නැවත තරග වැදිය නොහැක.
මෙතෙක් 2025 නිලවරණ පවත්වා නොමැති ක්‍රීඩා සංගම් සියල්ලටම නව නීතිය අනුව නිලවරණ පැවැත්විය යුතු බව දන්වා ඇත.
එහෙත් මේ වන විට හරින් ප්‍රනාන්දුගේ ව්‍යවස්ථාව අනුව ක්‍රිකට් නිලවරණය පවත්වා තිබීම මතභේදයට තුඩු දී තිබේ.
නව නීතිය අනුව ක්‍රිකට්වල ප්‍රධාන නිලතල දරණ බොහෝ දෙනකුට එම නිලතලවල රැඳී සිටීම ගැටලුවක් වන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
විශේෂයෙන්ම භාණ්ඩාගාරිකවරයාගේ සුදුසුකම් අභියෝගයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර ක්‍රීඩා ඇමතිවරයා විසින් රග්බි සම්මේලනය විසුරුවා හැර එහි නිලවරණය පවත්වන තෙක් හිටපු නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ගේ සභාපතිත්වයෙන් යුත් කාර්‍ය සාධක මණ්ඩලයක් පත් කර තිබේ.
-lankasara