gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පිල්ලෙයාන් රංචුවක් එක්ක පෝලිමට ඇතුළට.. ගම්මන්පිල කතා කරන පළවෙනි සහ අවසාන නඩුව පිල්ලෙයාන්ගේ නඩුවයි..

පිල්ලෙයාන් කරපු කොන්ත්‍රාත් ගැන කියන්න කල් තිබෙන බවත් නොකිය ඉන්න හේතුවක් නැති බවත් එහෙම වුණොත් පිල්ලෙයාන් තනියම නෙමෙයි රංචුවක් එක්ක ඇතුලට යන්න නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ⁣ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කළේ,

“පිල්ලෙයාන් හම්බෙලා ඇවිල්ලා, දේශප්‍රේමීයා කිවුවා, ජාතික වීරයා කිවුවා, යුද්දෙ අවසාන කාලෙ යුද්දෙ නිමා කරේ පිල්ලෙයාන් කියලත් කිවුවනේ. හත්වලාමේ. කලින් කීවෙ මහින්ද රාජපක්ෂ කියලා.

දැන් කියනවා පිල්ලෙයාන්ලු. ඒ ඔක්කොම කියලා කිවුවා මොකක්ද.? පිල්ලෙයාන් එක්ක හරියට කතා කරගන්න බැරිවුණා කිවුවා. පොලීසියේ මහත්තුරු හතරක් ලග හිටියා. ඕක තමයි වැදගත් කෑල්ල අපිට.

පොලීසියේ මහත්තුරු ලග ඉන්න විට නීතීඥයෙක්ට කතා කරන්න බැරි මොනවාද. තමන්ගේ සේවාදායකයා එක්ක. නඩුව ගැන කතා කරන්න පුළුවන්. ඇප දෙනවද.? ඇප ගන්නවාද.? මොකද කරන්නේ.? ශ්‍රේෂ්ඨාධිකරණ⁣යට යනවද.?

ඒවා කතාකරන්න කිසි බාධාවක් නෑ. කතා කරන්න බැරි මොනවාද.? අහන්න බෑ පිල්ලෙයාන්ගෙන් ඔයා අපි ගැන මොනවද කීවේ, අහන්න බෑ. අර කේස් එකත් ඇහුවද කීවද අහන්න බෑ. එතකොට දැනගන්නවා පොලීසියේ මහත්තුරු.

ඔය ප්‍රශ්න තියෙන්නේ. මේ බඩ පපුව ගිනි අරන් තියෙන්නේ ඒකට. පිල්ලෙයාන් ඒගොල්ලෝ බාරදීපු කොන්ත්‍රාත් ගැන වමාරයිද.? කියයිද.? කියලා බය තියෙන්නේ. අපි හිතනවා කියයි මොකද ඇති තරම් කල් තියෙනවා පිල්ලෙයාන්ට කියන්න.

නොකිය ඉන්න හේතුවකුත් නෑ. එහෙම වුණොත් පිල්ලෙයාන් තනියම නෙමෙයි රංචුවක් එක්ක ඇතුලට යන්න නියමිතව තියෙනවා. ඉතින් වැඩේ වෙන්නේ නැද්ද. පිළිවෙලට වැඩේ වෙනවා. අපි යමක් කිවුවාම ඒක කරපු ආණ්ඩුවක් අපි.”

ජාතික ජන බලවේග ජනතා රැළියක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka