පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය 272ක් වූ ජිවිත සිහිකර අද (21) උදැෂන 8.45 සිට 8.47 දක්වා විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන්නැයි ජාතික කතෝලික සභාව සමස්ථ ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටී.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ දී මෙම සිහි කිරීමේ මෙහෙය ආරම්භ කිරීමට නියමිතය. පාස්කු ප්‍රහාරයට ලක් වූ වින්දිතයින්ගේ සහභාගීත්වයෙන් එම පූජාව පවත්වන බව අගරදගුරු පදවි සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.
“එම මෙහෙය අතරතුර උදෑසන 8.45ට අපි විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරනවා. අපි අපේ රට වැසි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා එම විනාඩි දෙකක නිශ්ශබ්දතාවය ආරක්ෂා කරන්න එකතු වෙන්න කියලා.”
” අපේ දේවස්ථානවල සීනු නාද කිරීමත් ඒ වෙලාවට අප සිද්ධ කරනවා. කටුවාපිටිය දේවස්ථානයේ දේව මෙහෙය ආරම්භ කරන්නේ උදෑසන 8.15ට. සවස 5.30ට කටුවාපිටිය ශුද්ධවූ සෙබස්තියන් මුණිඳුන්ගේ දේවස්ථානයේ ද විශේෂ දේව මෙහෙයක් පවත්වනවා. “ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසුවේය.
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සැදැහැවතුන් විශ්වාසයේ විරුවන් හෙවත් ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස පිළිගත් සන්නස් පත අද (21) පළමු වරට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
