gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් හෙළි නොකළ වාර්තාව CIDයට.. ජනපතිගෙන් නියෝගයක්!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයකට අනුව ජනාධිපති ලේකම් නන්දිත සනත් කුමානායක විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සඳහා එලෙස අදාළ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කර, නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවේ 2019 වසරේ සැප්තැම්බර් (22) වැනිදායි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු කොමිසමට සාමාජිකයින් හය දෙනෙකු ඇතුළත් වන අතර එහි අවසන් වාර්තාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත 2021 වසරේ පෙබරවාරි පළමු වැනිදා භාර දුන්නේය.

කෙසේ වෙතත් එම වාර්තාව මේ දක්වා ප්‍රසිද්ධියට පත් නොකළ අතර ඒ අනුව ඉදිරියේදී අදාළ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට (21) වසර 6ක් සපිරෙන අතර ඉන්, රටට ජීවිත 272ක් අහිමි වු අතර 500 කට ආසන්න පිරිසකට තුවාල සිදුවිය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka