ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් ඇගැයීම වෙනුවෙන් පැවැති උත්සවයක ආරක්ෂාව සඳහා යැයි කියමින් පොලිස් යතුරුපැදි හතරක් හා පොලිස් මෝටර් රියක් ලබා ගෙන එය තම පුද්ගල ප්‍රවර්ධනය සඳහා යොදා ගත් ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරියක සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
එසේම එම ගුරුවරියගේ පුද්ගලික ආකර්ශනය ඉහල නංවන ආකාරයෙන් ඇයගේ රථය ඉදිරියෙන් පොලිස් පරිවාරක රථ යෙදවීම ගැන කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසකට එරෙහිව ද බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න හේ අධීක්ෂණය මත විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.
5 වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට ශිෂ්‍යත්ව පෙරහුරු පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නමැති ප්‍රසිද්ධ ගුරුවරියට මෙම චෝදනාව එල්ලවේ. ‘ශ්‍රී ලංකාවේ දැවැන්තම ශිෂ්‍යත්ව හපනුන් ඇගැයීමේ සම්මාන උළෙල’ නමින් උත්සවයක් පසුගිය (17 වැනිදා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි.
මේ සඳහා ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් ඇතුළු දෙමාපියන් 3000ක පමණ පිරිසක් සහභාගි වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
එම උත්සවයට ගුරුවරිය සිය රථ පෙල හා පොලිස් පරිවාරක රථ සමගින් පැමිණෙන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ ද විකාශය කර තිබුණු අතර ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබිණි.
ඇගේ රථ පෙලට පරිවාරක රථ ලෙස පොලිස් යතුරුපැදි දෙකක් හා පොලිස් නිල මෝටර් රථයක් ගමන් කර ඇතැයි ද පුද්ගලික ආකර්ශනය වැඩි කරලීමේ අරමුණකට එලෙස පරිවාරක රථ ලෙස පොලිස් වාහන යෙදවීම නීති විරෝධී බවද පොලිස් මූලස්ථානයේ ඉහල නිලධාරියකු සඳහන් කළේය.
අදාළ ගුරුවරිය විසින් තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා මෙම පොලිස් සම්පත් භාවිත කර තිබෙන බවට මේ වන විට හෙළි වී ඇති බවත් පොලිසිය පවසයි.
ඇය වැඩසටහනේ ආරක්ෂාවට යැයි කියමින් පොලිස් නිලධාරීන් හා නිල වාහන මුදල් ගෙවා ලබා ගෙන ඇතැයි ද පසුව එය තම පුද්ගලික ආකර්ෂනය ඉහල නැංවීම සඳහා භාවිත කරගෙන ඇතැයි ද අනාවරණය වී ඇත.
මෙවැනි ආකාරයෙන් පොලිස් සංගීත සන්දර්ශන, චිත්‍රපට හා ටෙලිනාට්‍ය ඇතුළු කටයුතු සඳහා යොදා ගත හැකි වුවද මෙම ගුරුවරිය විසින් කරගෙන ඇත්තේ නීතිවිරෝධී ක්‍රියාවක් බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියි.
-aruna