gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනතාව බලාපොරොත්තු වුනාට මාස හයෙන් හොරු අල්ලන්න බෑ... අපට අවුරුදු පහක් තියෙනවා - හර්ෂණ නානායක්කාර

හොරු ඇල්ලීම සඳහා ජනතාව බලාපොරොත්තු වන වේගයක් ඇතැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ආණ්ඩුව එම වේගයෙන් නොයන නිසා ආණ්ඩු විරෝධී බලවේග ජනතාව අතට චකිතයක් නිර්මාණය කර ඇති බවට ඇමතිවරයා චෝදනා කරයි.

ජනතාව මාසයකට වරක් යම් සංදර්ශනයක් බලාපොරොත්තු වන නමුත් එම තත්ත්වය දැකගත නොහැකි නිසා ජනතාව ද එය සිදුනොවන්නේ යැයි සිතන බව ඔහු ප්‍රකාශ කළේය.

මාස හයෙන් සියල්ල කළ නොහැකි බවත් අවුරුදු පහක් ආණ්ඩුවට ඇති බවත් ඇමති හර්ෂණ නානායක්කාර අවධාරණය කරයි.

දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka