gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“පාතාලේ එක්ක ගනුදෙනු කරන එක එච්චර අමාරු නෑ” – ෆොන්සේකා සැර වෙයි!

තිස්දාහක ත්‍රස්තවාදි හමුදාවක් සිටි යුද්ධය අවසන් කළ තමාට පාතාලේ ඉන්න 1000ක් 1500ක් එක්ක ගනුදෙනු කරන එක එච්චර අමාරු නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සදහන් කරයි.

හිටපු මන්ත්‍රී සරත් ෆොන්සේකා සදහන් කළේ,

“හමුදාවල මැදිහත්වීමකින් ලබාදිය යුතු ආරක්ෂාව වගේ අවුලක් මේ වෙලාවේ නෑ. විදේශ වලින් එන තර්ජන, එවැනි දේවල් නෑ. මහජන ආරක්ෂාව පැත්තෙන් බැලුවම අපි දකිනවා ප්‍රශ්නයක් තියෙනවා.

පාතාලය, නීතිවිරෝධි අවි දරන්නන් නිදැල්ලේ නිදහසේ මේ දවස්වල සතුරන්, පුද්ගලික කෝන්තර, හැබැයි ඒව පිටිපස්සේ මත්ද්‍රව්‍ය උවදුර වගේ දේවලුත් තියනවා. ඒවා නිසා මිනී මරාගැනීමක් සිද්ද වෙනවා.

අවුරටක් උනාම රටේ නීතිය ආරක්ෂා වෙනවනම් පොලීසිය ක්‍රියාත්මක වෙනවනම් ඒ වගේ දේවල් සිද්ධ වෙන්න බෑ. එතකොට ඒව වෙනකොට අනිවාර්යයෙන්ම රටේ ජනතාවට දිය යුතු ආරක්ෂාව, නිදහසේ බය නැතිව ජීවත් වෙන්න ඕන පරිසරය ඒවා නිර්මාණය වෙන්නේ නෑ.

අවුලක් තියෙනවා, යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. අපි යුද්ධය මෙහෙවුවා වගේ පාලනයක් අතට අරගෙන මේක මෙහෙවලා කරන්න වෙනවා.

තිස්දාහක ත්‍රස්තවාදි හමුදාවක් දින කාල වකවානුව ඇතිව කියලා ඉවර කරන්න හැකියාව තිබ්බනම්, ඔය පාතාලෙ ඉන්න 1000ක් 1500ක් එක්ක ගනුදෙනු කරන එක එච්චර අමාරු නෑ.”


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka