gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

හරිනි ඉවතට..? නව අගමැති බිමල්..?

අග්‍රාමාත්‍ය ධුරය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය වෙනස් කිරීමේ සූදානමක් ඇති බව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් සඳහන් කරන්නේ එළඹෙන මැතිවරණයෙන් පසු අගමැති ධුරය මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය වෙනස් වනු ඇති බවයි.

ඒ අනුව දැනට අග්‍රාමාත්‍ය ධුරය දරන හරිනි අමරසූරිය මහත්මිය වෙනුවට බිමල් රත්නායක මහතාගේ නම යෝජනා වී ඇති බවත් ඔහු එහි සඳහන් කරයි.

මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය සඳහා ව්‍යාපාරික ක්ෂේත්‍රය නියෝජනය කරන පුද්ගලයෙකු පත් කෙරෙනු ඇති බවටද තොරතුරු ලැබී ඇති බවද හෙතෙම කියා සිටියි.

සමගි ජන බලවේගය ආසන සංවිධායක ධුරක් දරමින් සිටින ඒ මහතා කලකට පෙර ජවිපෙ බස්නාහිර පලාත් සභා මන්ත‍්‍රී කණ්ඩායම් නායක ලෙස කටයුතු කලේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka