gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඊයේ දිනයේ ලක්ෂයක් දළදා දැක වැඳ පුදාගෙන… මධ්‍යම රාත්‍රී 12 වනවිට ඊයේ මෙන් දෙගුණයක ජනතාවක් ප්‍රවේශ මාර්ගවල ලැගුම් අරන්!

පසුගිය 16 දා පෙරවරුවේ සිට මහනුවරට පැමිණ දළදා දැක්ම සඳහා සහභාගී වීමට පෝලිම්වල රැඳුන බැතිමතුන් සියලු දෙනාට ඊයේ (18) දළදා සමිඳුන් දැක වැඳ පුදා ගැනීමේ වරම් හිමි වී තිබේ.

පොදු ප්‍රවේශ මාර්ග තුනවන රතු බොක්කුව අසලින් වැව රවුම දෙපසට සහ ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ කටුගස්තොට දෙසටවන මාර්ගවල ( එකතුව කිලෝ මීටර 5ක පමණ දුර ) සිටි ජනතාව ඊයේ (18) පස්වරු 5.30වනවිට දළදා සමිඳුන් දැක වැඳ පුදාගෙන මහනුවරින් පිටත්ව ගොස් තිබිණි.

ඒ අතර නැවත 18 දා පස්වරු 6 සිට ඊයේ මධ්‍යම රාත්‍රී 12වන විට එම මාර්ග තුන නැවතත් බැතිමතුන්ගෙන් පිරී ඉතිරි ගොස් තිබිනි. මධ්‍යම රාත්‍රි 12වනවිට වැව රවුම දෙපස පිරී අම්පිටිය හන්දියේ රතු බෝක්කුවේ සිට අම්පිටිය නගරය දක්වාම පෙළ සැදී සිටිනු දක්නට ලැබිණි.

මේ වනවිට ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ කටුගස්තොට පාලම දක්වා ජනතාව ලැගුම් ගෙන සිටිති.

මෙය 16 දා සිට ඊයේ (18) දහවල් දක්වා සිටි ජනතාව මෙන් දෙගුණයක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. අද දිනය තුළ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් දළදා දැක වැඳ පුදාගත් බව දළදා මළිගා පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලංකාසර කළ විමසීමක දී පැවසීය.

අද (19) දහවල් 12.30ට මහජනතාව සදහා දළදා දැක්ම විවෘතවන අතර එය සවස 5.30 දක්වා පැවැත්වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka