gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

අල්ලස් ගන්න අය අල්ලන්න රාජ්‍ය ආයතනවල විශේෂ ඒකකයක් පිහිටුවීමට රජය තීරණය කරයි

යම්කිසි කාර්යයක් ඉටුකර දීමට අල්ලස් ගන්නා පුද්ගලයන් කඩිනමින් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය ආයතනවල විශේෂ ඒකකයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකය (INTERNAL AFFAIRS UNIT) නමින් විශේෂ ඒකක කඩිනමින් පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා චක්‍රලේඛයක් මගින් සියලු රාජ්‍ය ආයතනවලට මේ වන විට දැනුම් දී තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක කරන දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්මේ ආරම්භයක් විදියට, රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක ආරම්භ කරනවා. මුලින්ම රාජ්‍ය ආයතනවල වන දූෂණ ක්‍රියා වැළැක්වීමට මෙවැනි ඒකකයක් පිහිටුවා තිබෙන බව ජනතාව දැනුවත් කරනවා. මින් ඉදිරියට යම්කිසි රාජ්‍ය ආයතයකින් යම් කාර්යයක් කර ගැනීමට යෑමේදී අල්ලස් හෝ දූෂණ ක්‍රියාවකට ලක් වුවහොත් එම රාජ්‍ය ආයතනය තුළම පිහිටුවා තිබෙන අභ්‍යන්තර කටයුතු ඒකකය හෙවත් අයි.ඒ.යූ. ඒකකයට පැමිණිලි කළ හැකි’ යැයි අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ ය.

රාජ්‍ය ආයතන තුළ පිහිටුවන මෙම නව අභ්‍යන්තර කටයුතු ඒකකවල ප්‍රගතිය මාස 03 කට වරක් අල්ලස් කොමිසම වෙත වාර්තා කළ යුතුයි. එම අභ්‍යන්තර කටයුතු ඒකකවලට පැමිණිලි කීයක් ලැබුණාද, එම පැමිණිලිවලට ගත් ක්‍රියාමාර්ග මොනවාද, තම ආයතනය තුළ අල්ලස් දූෂණ ක්‍රියා විය හැකි ස්ථාන හඳුනා ගත්තාද, එවැනි ක්‍රියා වැළැක්වීමට ඉදිරිපත් කරන යෝජනා මොනවාද යන්න ප්‍රගති වාර්තාවක් මාස 03 කට වරක් අල්ලස් කොමිසමට දිය යුතු වෙනවා. එම වාර්තාව මත පදනම්ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා’ යැයි අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය.

සියලුම කැබිනට් අමාත්‍යාංශ, පළාත් ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලද, පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රේගුව ඇතුළු සියලු රාජ්‍ය ආයතනවලද මෙම නව අභ්‍යන්තර කටයුතු ඒකක කඩිනමින් පිහිටුවන ලෙස ජනාධිපති ලේකම්වරයා සිය චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka