gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

හිටපු ජනපති රනිල් පිල්ලෙයාන්ට කතා කළේ ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයෙක් විදිහට යුතුමක් ඉෂ්ට කරන්න… තලතා කියයි!

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට ඇමතුමක් ලබා දුන්නේ ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයෙක් විදිහට යුතුමක් ඉෂ්ට කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකොරළ අද (20) පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙක් විසින් විමසූ පැනයකට පිළිතුරු දෙමිනි. අත් අඩංගුවටපත් පිල්ලෙයාන් වෙත හිටපු ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් ලබා දුන්නේ කුමක් නිසාදැයි එම මාධ්‍යවේදියා තලතා අතුකොරළගෙන් විමසුවේය.

ඇය ඊට පිළිතුරු දෙමින් පැවසුවේ මෙවැන්නකි.

“ඔහු රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරපු කෙනෙක්… එතුමාගේ ජනාධිපතිවරණයේ දී එතුමා බාරගත්ත රටේ එතුමා භාරගත්තු රජයේ හිටපු ඇමති කෙනෙක් පිල්ලෙයාන් මහත්මයා. එතකොට හදිස්සියේ කවුරුත් දන්නේ නැතිව මොකක් හරි අත් අඩංගුවට ගැනීමක් සිද්ධ වුනාම ඒ ගැන සොයා බැලීම වගකිවයුතු වගේම ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයෙකුගේ යුතුමක්.
ඒක එතුමා ඉෂ්ඨ කළේ. ඒ හැරෙන්නට වෙන දෙයක් නෑ.”

“අපි කැමතියි රනිල් වික්‍රමසිංහ මහත්තයව සීඅයිඩී එකට ගෙනත් මොකක්ද කෝල් එක මොකක්ද හේතුව කියලා අහනවා නම්. මොකද මේකෙ හංගන්න දෙයක් නෑ. බටලන්දක් ගැහුවා. දැන් මේ කෝල් එකක් අල්ලන් ගහනවා. අර චාමර සම්පත් ඇමතිතුමා ගැන කරපු ප්‍රකාශයට දැන් ප්‍රකාශයක් ගන්න ඕනලු. ඕවට අපි සූදානම්. එතුමා විතරක් නෙමෙයි අපේ පක්ෂයේ ඕන කෙනෙක් සූදානම්.”
තලතා අතුකෝරළ කීවාය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka