gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ගම්පහ ඔස්මන් ඝාතන තැතට සම්බන්ධ 09ක් දැනට පොලිස් අත් අඩංගුවේ… ගම්පහ කුඩු පාතාලයට එරෙහි තනි ගේමක් ගහන ඔසමන් 3වැනි ඝාතන කුමන්ත්‍රණයෙනුත් බේරෙයි!

ව්‍යාපාරිකයෙකු වූ ගම්පහ ඔස්මන් ගුණසේකර ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධව මේ වනවිට පුද්ගලයින් 09 දනෙක් අත් අඩංගුවට ගෙන ඇති බව විමර්ශන අංශ පවසයි.
විශේෂ කාර්ය බලකාය විසින් T -56 ගිනි අවි දෙකක් සමග සැකකරුවන් හත් දෙනෙක් අත් අඩංගුවට ගත් අතර ඊයේ (19) දිනයේ දී ද ගම්පහ ප්‍රදේශයේ දී තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබිණි. අත් අඩංගුවට ගත් පිරිස අතර හිටපු කමාන්ඩෝ සෙබලුන් දෙදෙනෙක් ද ඇතැයි වාර්තා වේ. මුලින් අත් අඩංගුවට ගත් පුද්ගලයින් 07 දෙනා රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව විමර්ශන අංශ පවසයි.

මෙම ඝාතන තැත පසුපස කෙහෙල්බද්දර පද්මේ සිටින බවත් අත් අඩංගුවට ගත් පිරිස ඔහුගේ ගෝලයින් බවත් හෙළි වී තිබේ.

ඔස්මන් ඝාතනය සඳහා තුන්වරක් උත්සාහ කර තිබුණු අතර ඉන් අවස්ථා දෙකක එම උත්සාහ කර තිබුණේ ගණේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරුවා විසිනි.

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් අනතුරුව පාතාලයේ බලය අත්පත් කරගැනීමට උත්සාහ කරමින් සිටින කෙහෙල්බද්දර පද්මේ ඔස්මන් ඝාතනයට උත්සාහ කරන්නේ ගම්පහ නගරයේ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ඉඩ නොදෙන ප්‍රබල ප්‍රතිවිරෝධයක් ගම්පහ ඔස්මන් විසින් ගොඩනගා ඇති බැවින් යැයි කියැවේ.

-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka