gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අල් ජසීරාවෙන් ඇවිස්සුණු බටලන්ද වාර්තාව හෙට කැබිනට්ටුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ජසීරා රූපවාහිනි නාලිකාව සමඟ පසුගියදා සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවේ දී  යළි කරළියට පැමිණි බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව හෙට දිනයේදී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී  සාකච්ඡාවට ගැනෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සන්ඩේ මෝනිං පුවත් පතට ප්‍රකාශ කර ඇත.

1980 දශකයේ අග භාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද සන්නද්ධ අරගලය සමඟ කැලණිය ආසනයේ රජයේ නිවාස සංකීර්ණයක පවත්වාගෙන ගිය බව සඳහන් වන බටලන්ද යුධ හමුදා කඳවුරේ සිටි රැඳවියන් සම්බන්ධයෙන් සිදු වූ වධහිංසා සහ නීති විරෝධී ඝාතන පිළිබඳව එකල දැඩි කතා බහකට ලක් වූ අතර පසුව මේ සම්බන්ධයෙන් සෙවීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේදී කොමිසමක් පත් කෙරිණි.

මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව පසුගියදා හිටපු ජනාධිපතිවරයා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී අල් ජසීරා මාධ්‍යෙව්දී  මෙහෙදි හසන් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඒ සම්බන්ධයෙන් අල්ජසීරා  එල්ල කළ චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වුවද සන්ඩේ මෝර්නින් පුවත්පතට  වෛද්‍ය ජයතිස්ස ප්‍රකාශ කර ඇත්තේ  වික්‍රමසිංහ මහතාට එරෙහි චෝදනා තමන් පිළිගන්නා  බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිශ්චිත යමක් ඔහු සඳහන් නොකළ අතර ප්‍රකාශ කළේ හෙට පැවැත්වෙන කැබිනට් හමුවේදී මේ පිළිබද ව සාකච්ඡා කිරීමෙන් පසුව ඉදිරි පියවර ගනු ඇති  බවය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka