gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔබ කැමති නම් පුංචි ඡන්දෙට මමත් එනවා-චමල්

කාල්ටන් නිවසට අද  ආපු පළාත් පාලන අපේක්ෂකයන් කැමතිනම් මමත් මෙවර පළාත් පාලන ඡන්දයට ඉල්ලනවා යැයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කරනු ලබන අපේක්ෂකයන් තේරීම සඳහා අද (09) දින තංගල්ල කාල්ටන් නිවසේ පැවැති වැඩසටහනට සහභාගිවෙමින්ය.

මේ අය කැමති නම් මමත් ඉල්ලනවා යැයි චමල් රාජපක්ෂ මහතා පැවසීමත් සමඟ බොහෝ පිරිසක් කොක්කඩලා සිනාසුනහ.

එහිදී චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ දේශපාලන පක්ෂ  නිරන්තරයෙන් ඉහළ පහළ යන එකක් බවයි.ඒ අනුව පොදු ජන පෙරමුණ පසුගිය කාලයේ පල්ලම් බැස්ස බවද ඔහු පැවසීය.

(චන්ද්‍රසේන ගමගේ)
-lankadeepa
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka