gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉරිදාට සෝලා Off කරන්නැයි දන්වයි… ඒකකයක ගෙවීමත් අඩු කරන්න යයි.. සෝලා සවිකරගත් ලක්‍ෂයක් අමාරුවේ..

පියස මත සූර්යබල පද්ධති සවි කරගත් නිවාස හිමියන් ලක්ෂයකට අධික පිරිසක් දැඩි අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වෙයි. රජය විසින් හඳුන්වා දී ඇති රෙගුලාසි හේතුවෙන් මෙම අවදානම් සහගත තත්ත්වය හටගෙන ඇති බව සූර්ය විදුලිබල කර්මාන්තකරුවෝ දන්වා සිටිති. 
‘‘වහල මත සූර්යබල පද්ධති මගින් පමණක් 2024 වසරේදී ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500ක් දී තිබෙනවා. එය ජාතික ඉල්ලුමෙන් 5%ක් පමණ වෙනවා. වහලය මත සූර්යබල පද්ධති සවිකර ගත් අයට කිලෝ වොට් 500ට අඩු නම් එක් ඒකකයකට රුපියල් 27 බැගින්ද, කිලෝ වොට් 500ට වැඩි නම් එක් ඒකකයකට රුපියල් 23 බැගින්ද ගෙවනු ලබනවා. නමුත් එම මුදලෙන් 30%ක් අඩු කිරීමට රජය කටයුතු කරන්න හදනවා. එවැනි තත්ත්වයක් යටතේ සූර්යබල ව්‍යාපෘති කරන සමාගම් බිඳවැටීමකට ලක් වෙනවා’’ යැයි සූර්ය කර්මාන්ත සංගමයේ (SIA) සභාපති ජාවිඩ් කමිල් සඳහන් කළේය.

‘‘වහලය මත සූර්යබල පද්ධතියක් සවි කරන්නේ වසර 20ක වගකීමක් යටතේයි. මේ වනවිට රටේ ලක්ෂයකට අධික පිරිසක් සිය නිවෙස්වල වහලය මත සූර්යබල පද්ධති සවිකර තිබෙනවා. එම කර්මාන්තකරුවන් සිය ව්‍යාපාර කටයුතු අතහැර ගියහොත්, සූර්යබල පද්ධති නිසි පරිදි නඩත්තු කිරීමට හැකියාවක් නොමැතිව ලක්ෂයකට අධික පිරිසක් තර්ජනයට ලක් වෙනවා. එම නිසා දැනට කිලෝවොට් ඒකක සඳහා ගෙවන මුදල ඒ ආකාරයෙන්ම නොවෙනස්ව තබන ලෙසත්, එම මුදල අඩු නොකරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටිනවා’’ යැයි සූර්ය කර්මාන්ත සංගමයේ සභාපතිවරයා පැවසීය.

‘‘2025 පෙබරවාරි 09 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීමට වහල මත සූර්ය බලශක්ති පද්ධති වගකිව යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ඒ පිළිබඳව සොයා බැලීමට ස්වාධීන කමිටුවක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. එම සිද්ධිය පාදක කරගෙන සෑම ඉරිදා දිනකම පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා වහලය මත සූර්ය බලශක්ති පද්ධති වසා දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර තිබෙනවා’’ යැයිද සූර්ය කර්මාන්ත සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
– ඉෂාර රත්නකාර
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka