gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අන්තවාදී ක්‍රියාකාරකම් ගැන බුද්ධි අංශ අවධානයට ලක් වූ කල්මුණේ වෛද්‍ය රායිස් බීබීසී ට කතා කරයි!

අන්තවාදී මුස්ලිම් සංවිධානයක් මෙහෙයවනු ලබන බවට වාර්තා වූ කල්මුනේ ප්‍රදේශයේ වෙසෙන ”වෛද්‍ය රායිස්” නමැති පුද්ගලයෙක් සම්බන්ධව දින කීපයකට පෙර වාර්තා විය. ඒ අනුව බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමේදී කල්මුණේ ප්‍රදේශයේ වෙසෙන ”වෛද්‍ය රායිස්” නමැති පුද්ගලයා සම්බන්ධ කර ගත හැකි වූ අතර ඔහු පළ කළේ මෙවන් අදහසකි.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි කල්මුණේ ප්‍රදේශයේ මුලික රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන අදාළ 51 හැවිරිදි කලෙන්තර් ලෙබ්බේ මොහොමඩ් රායිස් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ 2019 වසරේ සිට තමන්ව අවස්ථා 100 කට අධික වතාවක් බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ විසින් ප්‍රශ්න කරනු ලැබූ බවත් තමන් කිසියම් හෝ වැරැද්දක් සිදුකර ඇත්නම් ඕනෑම අවස්ථාවක දී ආරක්ෂක අංශ වලට අත්අඩංගුවට ගැනීමට හැකි බවයි.

”මාව CID, TID, SIS විතරක් නෙමේ හමුදා බුද්ධි අංශ වලින් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ 100 පාරකට වඩා ප්‍රශ්න කරලා තියෙනවා. දැනුත් මාව බුද්ධි අංශ වලින් එයාලගේ අධීක්ෂණය යටතේ තියාගෙන ඉන්නේ. මම වැරැද්දක් කරලා තියෙනවනම් මාව අත්අඩංගුවට ගන්න ඕනෑම වෙලාවක පුළුවන්.”

”මම තව්හිද් ජමාද් කියන සංවිධානය එක්ක කලින් හිටියා. නමුත් ඒ අය ඉස්ලාම් ආගමේ ඉගැන්වීමට වැරදි දේ කරන්නේ. මම කියන්නේ ඉස්ලාම් ආගමට අනුව අපි දෙවියන්ගෙන් ඉල්ලා ජීවත් වෙන්න ඕන. ඒ ලැබෙන දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්න ඕන. නමුත් අද වෙන්නේ හැමදේම රජයෙන් ඉල්ලන්න එහෙම නැත්නම් ඩිමාන්ඩ් කරලා ඒ දේවල් කර ගන්න හදන්නේ. මේ දේ නිසා තව්හිද් ජමාත් සංවිධානයෙන් මාව අයින් කළා 2018-19 වගේ කාලයේදී.”

”මේ අය මාත් එක්ක තියෙන තරහට මම ගැන වැරදි තොරතුරු පතුරුවලා තියෙනවා. මට කිසිම සංවිධානයක් නැහැ. අඩුම තරමින් මට කවුරුවත් සල්ලි දෙන්නේ නැහැ. මම වෛද්‍යවරයෙකු වෙලත් පුද්ගලිකව රෝගීන් පරික්ෂා කරන්නේ නැහැ.”

”මම අවුරුදු 20 කට වැඩිය කාලයක් වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා. මම ඉගෙන ගත්ත කල්මුණේ වෙස්ලි මිශ්‍ර පාසැලේ. ඒකෙ දෙමළ, මුස්ලිම්, බර්ගර් වගේ අය පවා ඉගෙන ගත්තා. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි එකේ ඉගෙන ගත්තේ. මට කවදාවත් සිංහල හෝ වෙනත් ජාතියක කෙනෙක් වැරැද්දක් කරලා නැහැ. මම අදින විදිහ අනිත් මුස්ලිම් අයට වඩා වෙනස්. මම අදින්නේ ඉස්ලාම් ආගමේ කියලා තියෙන විදිහට.” ඔහු කියා සිටියේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka