gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දේශබන්දු දුටු තැන අල්ලන විවෘත වරෙන්තුවක් නිකුත් කෙරේ!

මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක් අද නිකුත් කලේය.

ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලිමක් සලකා බලමිනි.

මාතර වැලිගම හෝටලයක් අසල වෙඩි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනිමට නියෝග නිකුත් කර ඇති අතර එම සිද්ධියේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මියගොස් තවත් නිලධාරියෙකු තුවාල ලැබීය.

ඒ සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරින් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 27 වනදා නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුය ඔහු අත්අඩංගුවට ගැනිම සඳහා ස්ථාන 10 ක් පරික්ෂාවට ලක් කළ බවත් තවත් ස්ථාන 18 ක් සදහා බුද්ධි අංශ නිලධාරින් යොදවා ඇති බවත් අපරාද පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර තමන් අත්අඩංගුවට ගැනිමේ නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් තෙන්නකෝන් මහතා රිට් පෙත්සමක් ඊයේ දින ගොනු කර ඇති අතර එය සලකා බැලීම හෙට 12 දිනයේදි කැඳවිමට නියමිතය.

මෙවැනි පසුබිමකයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලිමකට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනිමට විවෘත වරෙන්තු නිකුත් කිරිමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka