gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුරාධපුර රෝහලේදී වෛද්‍යවරියක් දුෂණය කරයි.. සැකකරු පැන ආ සොල්දාදුවෙක්..

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් සිය නිල නිවාසය තුළදී දූෂණයකට ලක්ව තිබේ. ඊයේ පස්වරුවේ ඇය සේවය අවසන් කර නිල නිවාසයට ගිය අවස්ථාවේ පිහියක් පෙන්වා තර්ජනය කර මෙම අතවරය සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් අද අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ ඊට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමිනි.

මේ අතර මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බවය.

මෙම සැකකරු යුද හමුදාවෙන් පලා ආ අයකු බවට හඳුනාගෙන ඇති බවත් සැකකරු සිටින ප්‍රදේශය දැනටමත් හඳුනාගෙන ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka