දරුවන් සිටින බැවින් වෙඩි තැබිය නොහැකි බව පැවසුව ද දරුවන් ගැන නොබලා වෙඩි තැබීම කළ යුතු බවට ඝාතනය සඳහා තමන්ව එම ස්ථානයට කැඳවාගෙන පැමිණි යතුරුපැදිකරු බල කළ බවත් ඒ නිසා වෙඩි තැබීම සිදුකළ බවත් අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා ගේ ඝාතකයා පොලිස් විමර්ශන අංශ වෙත පාපොච්චාරණය කර තිබේ.
ඔහු පවසා ඇත්තේ තමන් පැමිණියේ කජ්ජා ඝාතනයට බවත් දරු දෙදෙනා ඝාතනය සඳහා අරමුණක් නොතිබුණ බවත්ය.
තමන් පැමිණි යතුරුපැදිය පදවනු ලැබු බැකෝ සමන්ගේ ගෝලයා “ළමයි හිටියට කමක් නෑ ගහලා දාපන් ” යැයි පැවසූ අයුරු ඝාතකයා ප්‍රකාශ කර තිබේ.
ඝාතකයා පවසා ඇත්තේ ඩුබායිහි සිටින බැකෝ සමන්ගේ අනුදැනුම මත ඔහුගේ ගෝලයෙක් වූ ලහිරු නැමැත්තාගෙන් ලද කොන්ත්‍රාත්තුවකට මෙම ඝාතනය සිදුකළ බවය.
ඝාතනය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දෙන බව පොරොන්දු වි ලක්ෂ දෙක හමාරක් සිය බිරියගේ ගිනුමට බැර කළ බව ද ඝාතකයා ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් ඔහුට ලැබුනේ එම ලක්ෂ දෙක හමාරක මුදල පමණක් බවත්, අදාල ඝාතන සිදුකිරීමෙන් පසු ඉතිරි මුදල් ලබා ගැනීමට තමන් බැකෝ සමන්ට සහ ළහිරු නැමැත්තාට කතා කළ ද ඔවුන් දුරකථනයට ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් ඝාතකයා පවසා ඇත.
ඝාතනය සඳහා ඔවුන් පැමිණි යතුරුපැදිය මිද්දෙණියේය දෙබොක්කාව කරගොඩ ප්‍රදේශයේ ගල් වලක ජලයේ ගිල්වා තිබිය දී ගෙඩාගෙන තිබිණි.
ඒ අසල කැලෑවකට ගොස් ඇඳ සිටි ඇඳුම් හෙල්මට් සපත්තු ඇතුළු සාක්ෂි සියල්ල ගිනි තබා විනාශ කර තිබිය දී මිද්දෙණිය පොලිස් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.
යතුරුපැදිය පැදවූ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට ඉදිරි විමර්ශන කටයුතු දියත් වෙමින් ඇත.