gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පියුමිගේ මෝසමකට CID නීති විරෝධී වත්කම් අංශයේ ස්ථානාධිපති අධිකරණයට කැඳවයි!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ කටයුතු හේතුවෙන් තම ව්‍යාපාරික කටයුතුවලට අගතියක් සිදුවන බව සඳහන් කරමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයකට භාජනය වී සිටින මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි විසින් ඉදිරිපත් කළ මෝසම සම්බන්ධයෙන් ලබන 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) එම ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියම කළේය.
 
පියුමි හංසමාලි සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන්  අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක   විසින් මෙම නියෝගය නිකුත් කළේය.

පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයෙන් අලෙවි කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලදී ගනු ලබන ගනුදෙනුකරුවන් කැඳවා නිති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරින් ප්‍රශ්න කිරීම් සිදු කරන බවට චෝදනා කළේය.

මේ තුළින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවී ඇති බවත්  නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

මේ තුළින් සිය සේවාදායිකාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් ඒ අනුව අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම කරුණු දැක්වීම් සිදු කරන බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ මෝසම සම්බන්ධයෙන් ලබන 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය.

නීති විරෝධී ලෙස වත්කම් හා දේපළ අත්පත් කරගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පියුමි හංසමාලි මේ වන විට පොලිස් විමර්ශනයකට මුහුණ දෙමින් සිටින අතර මීට අදාළව ඇයගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් ප්‍රකාශ සටහන් කරගෙනද තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පියුම් හංසමාලි විසින් මෑතකදී අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ද ගොනුකර තිබුණි.

එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පියුමි හංසමාලි මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවටත් පොලිසිය විසින් අභියාචනාධිකරණය හමුවේ දැනුම් දීමක් සිදුකර තිබුණි. 
( අද දෙරණ)
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka