gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘දළදා දැක්මට’ එන ජනතාවට රෑ කෑම දලදා මාළිගාවෙන්…

ඉදිරි අප්‍රේල් මාසයේදී පැවැත්වෙන දළදා දැක්ම සඳහා මේ වන විට සියලු වැඩ කටයුතු සූදානම් වෙමින් ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන් මහතා සඳහන් කරයි. වසර දහසයකට පසු උදාවූ මෙම අවස්ථාව සඳහා ලක්ෂ විස්සට වඩා බැතිමතුන් ප්‍රමාණයක් පැමිණෙනු ඇති බවද හෙතෙම කියා සිටියේය. “දළදා දැක්මට සහභාගිවන ජනතාව දින දෙක තුන පෝලිම්වල ඉන්න බලා ගෙන දුර බැහැර සිට එන බව අපිත් දන්නවා.

එවැනි ජනතාවට රාත්‍රි ආහාරය ශ්‍රී දළදා මාළිගාවේ අනුග්‍රහයෙන් ලබාදෙන්න දැනටමත් තීරණයක් අරගෙන තියෙනවා.

උදේ හා දිවා ආහාර සපයන්න දැනටමත් දන්සැල් සංවිධායකයන් එකසිය ගණනක් කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ අයත් එක්ක සාකච්ඡා කරලා සෞඛ්‍යය ආරක්ෂිත පිරිසිදු කෑම බීම ලබා දෙන්න පුළුවන් අයට පමණක් දන්සල් පවත්වලා ජනතාවට ආහාර පාන ලබා දෙන්න අවස්ථාව ලබාදෙනවා.

විශේෂයෙන් මෙහිදී අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍යය අංශය නිර්දේශකරන තැන්වලින් පමණක් කෑම බීම ලබාගන්න වගබලා ගන්න කියලා. ඒ අතර පෝලිම්වල ඉන්න ජනතාව උදෙසා ජංගම වැසිකිළි සියයක් දැනටමත් සූදානම් කරගෙන යනවා.

මීට අමතරව පෞද්ගලික අංශයේ අයටත් එවැනි පහසුකම් සැලසිය හැකි නම් ඒ සඳහා ඉල්ලීම් ලැබුණොත් අවස්ථාව ලබා දෙන්න පුළුවන්.

එමෙන්ම බීමට ජලය සපයන වැඩපිළිවෙළකුත් අපි ක්‍රියාත්මක කරන්න සූදානම් කරලා තියෙනවා”
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka