gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බොරු දින දමා වාහන ගෙන්වලා : රේගුව ඇහැ ගහගෙන

ශ‍්‍රී ලංකාව වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි පළමු වැනිදා වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග මෙරටට පළමුව පැමිණි එන්.වයි.කේ නෞකාවේ වාහන 197 ක් මෙරටට ගෙන්වා ඇත්තේ ව්‍යාජ නිෂ්පාදිත දිනයක් පෙන්වමින් යැයි රේගු අංශය පවසයි.

ඒ පිළිබඳව ආරම්භ කළ රේගු විමර්ශනය තවමත් අවසන්වී නොමැති බවත් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය.

එම වාහන 2022 වසරට අයත් බවත් මෙරට වාහන ආනයනකරුවන් සීමිත පිරිසක් සහ ජපානයේ එක් අපනයකරුවකු එකතු වී මෙම වංචාව සිදුකර ඇති බවත් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය. මතභේදයට තුඩුදී ඇති වාහන 197 මෙරටට ඒවා ඇත්තේ ජපාන අපනයන සමාගමක් වන එන්.වයි.කේ බවත් මෙරට සීමිත ආනයනකරුවන් පිරිසක් වෙනුවෙන් එම වාහන තොගය මෙරටට ඒවා ඇති බවත් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය.

වංචාව සිදුකළ ජපාන වාහන අපනයනකරුවා, මෙරට වාහන ආනයනය කිරීමේ රෙගුලාසිවලට අනුව නිෂ්පාදන සමාගමෙන් මෙරටට එවූ වාහනවල නිෂ්පාදන දිනය පිළිබඳව සහතිකයක් ලබා නොගෙන වාහන එවීමට පෙර අපනයන පරීක්ෂණ සහතික ලබාගත් කාර්යාංශයට විශේෂ පෙළඹවීමක් කර නිෂ්පාදන දිනය පිළිබඳව සහතිකයක් ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය.

මෙතෙක් කල් වාහන ආනයනය කරනු ලැබුවේ වාහනය ලියාපදිංචි කළ වසරේ සිට අවුරුදු 3 ක කාලයක් දක්වා වුවත් පසුගිය පෙබරවාරි පළමු වැනිදා වාහන ආනයන සීමා ලිහිල් කරමින් නිකුත් කළ ගැසට් පත‍්‍රයේ ලියාපදිංචි කළ වසර නිෂ්පාදිත දිනය ලෙස වෙනස් කර තිබෙන බවත් එවිට නිෂ්පාදිත දිනය නොදන්නේ නම් මෙරටට ආනයනය කරන වාහනවල නිෂ්පාදිත දිනය ලෙස සැළකෙන්නේ ජනවාරි මාසයේ 14 වැනිදා බවත් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය. එවිට නව රෙගුලාසිවලට අනුව 2022 වසරේ නිෂ්පාදනය කළ වාහනයක නිෂ්පාදිත දිනය නොදන්නේ නම් එම වාහනය මෙරටට නීත්‍යානුකූලව ගෙන්විය නොහැකි බවද ආරංචි මාර්ග පැවැසුවේය.
(විමුක්ති එස් රුද්‍රිගු)
-lankadeepa
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka