gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝඨාණ්ඩුව ගෙදර යැව්වේ ඇමති ගම්මන්පිල… මාලිමාණ්ඩුවට ඇමති ඒක කරන්න එපා…! – චාමර සම්පත් දසනායක…

2022 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැටීමට මූලික හේතුව රටේ තවත් තෙල් ඇත්තේ සතියකට පමණකැයි එවක බලශක්ති අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි. ඊට පසු ජනතාව බැරල් ගණන් තෙල් ගැසීමට කටයුතු කළ බවත් ගෝඨාණ්ඩුව බිඳ වැටෙන්නට මූලික හේතුව මෙම ඇමතිවරයාගේ ප්‍රකාශය බවත් හෙතෙම සඳහන් කරයි.
එදා රටේ මුදල් ඉවර වෙන තුරු තෙල් ගෙනාව ද පිරිමසා ගැනීමට නොහැකි වූ බවත් ඒ ඇමති අද ගෙදර සිටිය ද අදත් තමන් මන්ත්‍රී බව ද චාමර සම්පත් දසනායක අවධාරණය කරයි.

එහෙයින් ඇමතිවරුන් වගකීමෙන් ප්‍රකාශ නිකුත් කළ යුතු බවත් කිසිවක් සොයා නොබලා වඳුරකු පැන විදුලිය බිඳ වැටුණා වැනි විහිළු ප්‍රකාශ නොකළ යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

චාමර සම්පත් දසනායක මේ බව සඳහන් කළේ, බලශක්ති අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට අද (03) පාර්ලිමේන්තුවේ දී එකතු වෙමිනි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka