gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොරකම් කරලා ජොබ් එක නැති වුණ හාදයෙක් මාලිමා කැබිනට් මණ්ඩලේ ඉන්නවා…! – ශානක්කියන් රාසමානික්කම්….

මූල්‍ය වංචාවක් හේතුවෙන් වැඩ තහනමට ලක්වූ පුද්ගලයෙක් වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ ආසනයක වාඩි වී සිටින බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් පවසයි. 
මෙම ඇමතිවරයා පසුගිය සමයේ පොහොර සංස්ථාවේ සේවය කර ඇති බවත් එලෙස සේවය කරන අතර මූල්‍ය වංචාවක් සිදු කිරීම නිසා වැඩ තහනමට ලක් වූ බවත් ඒ මහතා අනාවරණය කළේය.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක එවක කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු බවත් මෙම ඇමතිවරයා එකල පොහොර සංස්ථාවේ සේවය කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

තමා කිසි විටකත් පෞද්ගලිකව කිසිවෙකුට මඩ නොගසන නිසා ඔහුගේ නම නොකියන බව පැවසූ මන්ත්‍රීවරයා, මූල්‍ය වංචාවලට සම්බන්ධ වූ අය පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරුවල සිටින විට ආණ්ඩුව ගැන පැහැදිලි සැකයක් ඇතිවීම සාධාරණ යැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.

ශානක්‍යන් රාසමානික්කම් මේ බව අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසූයේ බලශක්ති අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එකතු වෙමිනි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka