ඇඟේ නූල් පටක්වත් නැතිව අමු නිරුවතින් නුගේගොඩ සිට මහනුවරට යන්නට යතුරුපැදියකින් පැමිණෙන අතරතුර කඩුගන්නාවේ දී මාර්ග බාධක දමා අත් අඩංගුවට පත් තරුණයා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 05 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
තරුණයාගේ මානසික තත්ත්වය සම්බන්ධව පරීක්ෂා කිරීම සඳහා මනෝ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය විසින් අධිකරණ නියෝගයක් රැගෙන ඇත.
අහංගම ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම තරුණයාගේ පියා ව්‍යාපාරිකයෙක් බවත්, මව වෛද්‍යවරියක බවත් පොලිසිය පවසයි.
මෙම තරුණයා කොළඹ ශරීර අභ්‍යාස මධ්‍යස්ථානයක උපදේශකයෙක් ලෙස කටයුතු කරන අයෙකි.
නුගේගොඩ සිට පොලිස් බල ප්‍රදේශ ගණනාවක් පසුකරමින් කිසිම පොලිස් නිලධාරියෙකුගේ බාධා කිරීමකට ලක් නොවී නිරුවතින් කඩුගන්නාව තෙක් පැමිණි මෙම තරුණයා හිස් ආවරණයක්වත් පැළඳ නොසිටීම විශේෂ සිද්ධියකි.

මම තරුණයා කඩුගන්නාව පොලිසියට පවසා ඇත්තේ නිරුවතින් යතුරුපැදියක යන පුද්ගලයෙකුට මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක්දැයි බැලීම සඳහා මේ ගමන පැමිණි බවය. පහත දැක්වෙන්නේ අහංගම තරුණයා හෙළිකොට්ටෙන් නුවර ආපු හැටි සීසීටීවී දර්ශනයක සටහන්ව තිබුණු ආකාරයය.