gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

Braking News : දේශබන්දු තෙන්නකෝන්ගේ පෙත්සම නිෂ්ප්‍රභ කරයි.. වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා‍ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද (17) නිෂ්ප්‍රභ කර තිබේ.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් ඉකුත් 12 වනදා අභියාචනාදීකරණය හමුවේ සලකා බැලුණි.

එහි තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කළ අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්‍රභ කරන බවය.

ඊට අමතරව ඔහුට සැඟවී සිටීමට ආධාර අනුබල දී ඇති පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka