gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හිටපු ජනපති රනිල් එංගලන්තයේ පුද්ගලික සංචාරයකට රජයේ මුදල් ලක්ෂ 162ක් වියදම් කරයි

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ එම මහ­ත්මිය 2023 සැප්තැ­ම්බර් මාසයේ දී එංග­ල­න්තයේ පෞද්ග­ලික සංචා­ර­ය­කට රජයේ මුදල් රුපි­යල් ලක්ෂ 162ක් වැය කර ඇති බවත් මෙය අප­රා­ධ­මය වර­දක් බැවින් වහාම විම­ර්ශ­න­යක් සිදු කරන ලෙසත් සභා­නා­යක, ඇමැති බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී පැව­සු­වේය. ඒ මහතා මේ බව සඳ­හන් කළේ විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ වැය ශීර්ෂය පිළි­බඳ විවා­ද­යට පෙරේදා (15) සහ­භාගි වෙමිනි.

2023 වර්ෂයේ සැප්තැ­ම්බර් 22 සහ 23 දින­යන්හි දී හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සහ එම මහ­ත්මිය මෙම පෞද්ග­ලික සංචා­රය සිදු කර තිබෙන බව ද හෙතෙම කීවේය. සංචා­ර­යට අදාළ ලිපි ලේඛ­න­වල පෞද්ග­ලික සංචා­ර­යක් ලෙස මුලින් සඳ­හන් කර තිබු­ණද අවශ්‍ය දීමනා ලබා­ගැ­නීම වෙනු­වෙන් රාජ්‍ය­තා­න්ත්‍රික සංචා­ර­යක් ලෙස පසුව සඳ­හන් කර­මින් ලැජ්ජා­ස­හ­ගත ලෙස කට­යුතු කර ඇති බව ද හෙතෙම පැව­සීය.

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින්ම, බංකො­ලොත් කරන ලද රට තුළ රාජ්‍ය මුදල් සිය පෞද්ග­ලික සංචාර වෙනු­වෙන් යොදා ගැනීම සම්බ­න්ධ­යෙන් වහාම විම­ර්ශ­න­යක් ආරම්භ කරන ලෙස විදේශ කට­යුතු අමා­ත්‍ය­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැව­සීය.

මහ­ජන ධනය විනාශ කිරී­මට අම­තර සිය පෞද්ග­ලික සංචා­ර­ව­ලට පවා මුදල් විය­දම් කිරීම පවා සිදු­කර ඇති අතර අදාළ සියලු නිල­ධා­රීන් ද සම්බන්ධ කර­ග­නි­මින් මේ පිළි­බඳ විම­ර්ශන සිදු­කළ යුතු බව ද හෙතෙම පැව­සීය.

මෙරට මහ­ජ­න­තා­වගේ මුදල් පෞද්ග­ලික කරුණු සඳහා භාවිත කළ මෙම රාජ්‍ය නාය­ක­යන් සම්බ­න්ධ­යෙන් මෙරට මහ­ජ­න­තාව දැන­ගත යුතු යැයි ද සභා­නා­ය­ක­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

“වික්‍ර­ම­සිංහ මහතා සිදු­කළ එම පෞද්ග­ලික සංචා­ර­යේදී තවත් දස දෙනෙක් ගිහින් තිබෙ­නවා. රනිල් වික්‍ර­ම­සිංහ, එම මහ­ත්මිය, සේනා­රත්න දිසා­නා­යක, අන්ද්‍රා පෙරේරා, ආර­ක්ෂා­වට ගිය අය, වෛද්‍ය­ව­රයා ආදි වශ­යෙන් දස දෙනෙක් ගිහින් තිබෙ­නවා. ඒ වගේම එම පෞද්ග­ලික සංචා­ර­යේදී සහ­භා­ගි­වූ­වන් වෙනු­වෙන් කාමර පහ­සු­කම් වෙන්කි­රීම ආදිය වෙනු­වෙන් වූ සියල්ල මෙහි සඳ­හන් වෙනවා. ජනා­ධි­ප­ති­ව­රයා සිය වග­කීම් ඇතුළේ නිව්යෝර්ක් සමු­ළු­වට සහ­භාගි වෙනවා. එහි වර­දක් නැහැ. නමුත් මේ මිනිට් එක ඇතුළේ තිබෙ­නවා, විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය විිසින් ලන්ඩ­න්ව­ලට යවපු ලිපි­යක තිබෙන්නේ පෞද්ග­ලික සංචා­ර­යක් සඳහා පිටත්ව යන බවයි. අගෝස්තු 16 වැනිදා. ඒ සඳහා අවශ්‍ය මුදල් ඉල්ලලා යවා තිබෙ­නවා, අගෝස්තු 17 වැනිදා හදිසි අව­ශ්‍ය­තා­වක් ලෙසින් අවශ්‍ය වෙන්කි­රීම් සිදු­ක­ර­ගැ­නීම වෙනු­වෙන්. පෞද්ග­ලික සංචා­ර­යක් කියලා පටන් අරන් විය­දම් කරලා තිබෙන මුදල් ප්‍රමා­ණය බලන්න. ශ්‍රී ලංකාවේ මුදල් ලෙස නිද­හස් කර තිබෙ­නවා. ලක්ෂ 162ක් නිකුත් කර තිබෙ­නවා 2023 සැප්තැ­ම්බර් 23 වැනිදා.

මේක පෞද්ග­ලික සංචා­ර­යක් කිය­ලයි මම මුලින් කිව්වේ. නමුත් මට දැන් තවත් ලිපි­යක් හම්බ වුණා. මේක ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යෙන් නිකුත් කරපු එකක් විය යුතුයි. ඒකේ පෞද්ග­ලික සංචා­ර­යක් කියන එක ඉවත් කරලා ඔෆි­ෂි­යල් ටුවර් එකක් ලෙස සඳ­හන් කර­නවා.

ඇයි මේ පෞද්ග­ලික සංචා­රය හදි­සියේ ඔෆි­ෂි­යල් ටුවර් එකක් වුණේ. මේ ලබා­දෙන මුදල ලබා­ගන්න කියලා මම විශ්වාස කර­නවා. රනිල් වික්‍ර­ම­සිංහ මහතා හා එතු­මාගේ බිරි­යගේ පෞද්ග­ලික සංචා­රය වෙනු­වෙන් ස්ටර්ලින් පවුම් 40,000ක් ඒ කියන්නේ ලංකාවේ සල්ලි­ව­ලින් ගත්තොත් මිලි­යන 16ක් විය­දම් කර තිබෙ­නවා” යැයිද හෙතෙම කීවේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka