gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විජේරාම නිවසේ ජලය කැපිල්ලේ සුල මුල මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට මාධ්‍ය වල පල කර ඇති ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ජාතිත ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිකුත් කරන ලස නිවේදනයක් මෙහි දැක්වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසෙහි ජල සැපයුම විසන්ධි කර ඇති බවට මාධ්‍ය මඟින් ප්‍රචාරය කර ඇති පුවත සාවද්‍ය වේ.

මෙම පුවත සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි නිල නිවස ආසන්නයේ ඇති වෙනත් ස්ථානයක හිඟ මුදල් නොගෙවීම නිසා අද දින ජල සැපයුම වින්ධිකර ඇත.

නමුත් එම ස්ථානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචි නිල නිවස නොවේ.
මේ සම්බන්ධයෙන් අදාල ස්ථානයේහි දැනට සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ නිළධාරියෙකුගෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) විසින් කල කරුණු විමසීමේදී එම ස්ථානයේ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂක අංශයේ නිළධාරීන් නේවාසිකව සිටි බවත් ඔවුන් 2024 ඔක්තෝම්බර් මාසයේ එයින් ඉවත්ව ගොස් ඇති බවත් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම එම ස්ථානයේ ජල සැපයුමෙන් හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂක නිළධාරීන් හෝ හිටපු ජනාධිපතිතුමා හෝ ජලය පරිහරණය නොකරන බවත් ප්‍රකාශ කරන ලදි. මිට පෙර මෙම ස්ථානයේ ජල ගාස්තු ගෙවීම් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බව එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

අදාල ස්ථානයේ හිඟ මුදල් ගෙවිම් කරන ලෙස මෙම මණ්ඩලයේ නිළධාරීන් අවස්ථා කිහිපයකදීම ලිඛිතව සහ වාචිකව දැනුම් දී ඇති අතර අද දිනද මණ්ඩලයේ නිළධාරින් එම ස්ථානයට ගොස් හිඟ මුදල් ගෙවීම් කරන ලෙස දැනුම් දී ඇත. හිඟ මුදල් නොගෙවීම නිසා අදාල ස්ථානයේ ජල සැපයුම විසන්ධි කරන ලද අතර මේ වන විට අය විය යුතු හිඟ මුදල රු.429,000ක් පමණ වේ.

ඒ අනුව මෙම ස්ථානයේ ජල සැපයුම විසන්ධි කිරීම නිසා හිටපු ජනාධිපතිතුමාට හෝ ඔහුගේ ආරක්ෂක නිළධාරීන්ට කිසිදු බාධාවක් සිදුවී නොමැති බව අපගේ නිරීක්ෂණය වේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka