gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රිවරුන් හිස් අතින් ගෙදර යවන කැබිනට් පත්‍රිකාව ළඟදීම!

රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල සදහන් කරයි.

මැතිවරණයේදී දුන් පොරොන්දු පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් භුක්ති විඳින ලද වරප්‍රසාද රැසක් මේ වන විටත් කප්පාදු කර ඇති බවත් ඇමැති නිල නිවාස 51 භාවිතයෙන් ඉවත් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට භාරදී ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට වාහනයක් ලබාදී නොමැති අතර වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර නිකුත් නොකිරීමට තීරණය කර ඇති බවත් ඇමැතිවරුන්ට හිමි ඉන්ධන දීමනා අඩු කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

සෑම මන්ත්‍රිවරයකුටම භාවිතකර ආපසු රජයට භාරදීමේ කොන්දේසියට යටත්ව රජයෙන් වාහනයක් ලබාදීමට බලාපොරොත්තු වුවද මේ අවස්ථාවේ ඒ සදහා සුදුසු වාහන සංචිතයක් රජය සතුව නැති බවත් එනිසා මන්ත්‍රිවරුන්ට වාහනයක් ලබාදීම කල්යමින් පවතින බවද අමාත්‍යවරයා සදහන් කරයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka