gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

USAID මුදල් දීපු තැන් ගැන හොයන්න පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් දානවා… නාමල් ජුලී චෑන්ග්ට කියයි.

USAID මගින් මුදල් ආධාර ලබා දුන්නේ කාටද කුමන සංවිධාන වලටද කුමන පුද්ගලයින්ටද යන්න සොයා බැලීම සදහා තේරිම් කාරක සභාවක් පත්කිරීමට කථානායක වරයාට තමන් ලිපියක් බාරදුන් බවත් කඩිනමින් මේ තේරීම් කාරක සභාව පත්කර USAID මගින් ආධාර ලබාදුන්නේ කාටද යන්න බලාගත හැකි බවත් නාමල් රාජපක්ෂ ඇමරිකානු තානාපතිනිය ජුලී චන්ග් මුණ ගැසී පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින නෙළුම් මාවතේ පොහොට්ටු කාර්‍යාලයේදී ජුලී චන්ග් හමුවූ අවස්ථාවේදීය.

තවද මෙහිදී වැදගත් කරුණු රැසක් පිලිබදව මෙන්ම ඉතා සුහදව සාකච්ඡාවක් පැවැත්වීය

මෙම අවස්ථාව සඳහා පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, මහ ලේකම් සාගර කාරියවසම්, ජාතික කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක, සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී රත්නායක, සංජිව එදිරිමාන්න සහ ජයන්ත කැටගොඩ සහභාගි විය
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka